Colombo Today Local News

කාලගුණයෙන් රතු නිවේදන

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකිය.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේ දී ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

colombotoday

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට

Admin