Colombo Today Local News

කාටවත් ජනපතිවරණය දිනන්න ඉඩ තියන්නෑ – 2020ට ජවිපෙනුත් අපේක්ෂකයෙක් !

නව දේශපාලන ප්‍රවණතාවයකට මාර්ග විවෘත කරන මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මහියංගණය ප්‍රදේශයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහු පැවසුවේ මෙවර ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් සංවිධාන රැසක එකතුවකින් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවයි.

පසුගිය ජනාධිපතිවරණයන්හිදි ජයග්‍රාහනය තීරණය වුයේ ඉතාම සුළු ප්‍රතිශතයකින් බැවින් මෙවර කිසිදු පක්ෂයකට ජයග්‍රාහනය කිරීමට නොහැකි වන බවද ඒ මහතා අවධාරණය කළේය.

නීතියානුකුල ලෙස ජනාධිපතිවරයෙන් පත් කිරීමට සියයට 5ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.


 

Related posts

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

colombotoday

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday