Colombo Today Local News

කිරින්ද මුස්ලිම් විදුහලට සජිත්ගෙන් තෑග්ගක්…

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්‍ෂ 38ක් පමණ වටිනා නව බස් රථයක් ප්‍රදානය කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඉකුත් සතියේදී සිදුවිය. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා බස්රථ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ලබා දුන් 18 වැනි බස් රථයයි.

බස් රථය මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මුදල් පරිත්‍යාග කරන ලද්දේ පෞද්ගලික දානපතීන් පිරිසක් විසිනි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි නිමල් ලාල් චන්ද්‍ර පුංචිහේවා, කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එන්.පී. අලව්දීන් යන මහත්වරුන්ද, ගුරු දෙගුරුන්, ශිෂ්‍ය – ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

Related posts

සිංහලේට එරෙහිව එකම ලේ වීදිබසී.. මුස්ලිම් අයිතීන් සහ සමලිංගික අයිතීනුත් ඉල්ලයි

colombotoday

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගීත්වයෙන් අද මහජන සම්මන්ත්‍රණ සභාවක්

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday