Colombo Today Local News

ඔක්කොම දෙන්නම් කියද්දීත් පෙළපාලි ආවේ පෙරටුගාමීන් වෙනුවෙන් කොක්කක් ඇදගන්න

ලක්ෂ්මන් කිරිඇල්ලඋසස් තාක්ෂණික ගණකාධීකරන ඩිප්ලෝමා සිසුන්ගේ සියලු ඉල්ලීම්වලට විසදුම් ලබා දෙන බවට 29 දා පෙරවරුවෙන් තමන් ඇතුළු නිලධාරීන් විසින් පොරොන්දුවක් දුන් බැවින් එම සිසුන්ට විරෝධතා පැවැත්වීමට කිසිදු උවමනාවක් නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අදාළ ඩිප්ලෝමාවට උපාධිය මෙන් සමානාත්මතාවක්‌ ලබා දීමට ආණ්‌ඩුව සූදානම් බව එදින පෙරවරුවේ එම ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට පැහැදිලි පොරොන්දුවක්‌ දුන් බවත් එහෙත් එය සිසුන් නොතැකුවේ මන්දැයි සොයා බැලීමට සිව් පුද්ගල කමිටුවක්‌ද පත්කරන බවත් ඇමැතිවරයා ‘දිවයින’ ට ඊයේ (30 දා) පැවැසීය.

එම ඩිප්ලෝමාවට සමානත්මතාවක්‌ ලබා දී තිබුණත් පසුගිය ආණ්‌ඩුව විසින් එය අහෝසි කළ බවත්, එය නැවතත් ඇති කිරීම සඳහා අමාත්‍යාංශය දළ කැබිනට්‌ පත්‍රිකාවක්‌ද සකසා අදාළ ඩිප්ලෝමාධාරීන්ට රජයේ රැකියාද ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලිපි පවා යවා තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

එහෙත් ඒ කිසිවක්‌ නොතකා එම සිසුන් පෙළපාලි පැවැත්වූයේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයට ‘කොක්‌කක්‌’ ඇද ගැනීමට උවමනාවී තිබූ බැවින් බව ද කිරිඇල්ල ඇමැතිවරයා කියා සිටියේය.

Related posts

පැය 24 ක් තුළ සිදු වූ රිය අනතුරුවලින් 12ක් මරු දකී..

colombotoday

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

colombotoday

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

බැන් කී මූන් අවසන් !.. ජනපති සිරිසේන හෙට ඇමරිකාවට

colombotoday

නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා රටට බරකි.මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

colombotoday