Colombo Today Local News

“හමුදාව සතු ඉඩම් දී ඉවත් වෙනු” උතුරේ සංවිධාන හර්තාලයට සැරසෙයි

මුලතිව් කේපාපිලව් හි ගුවන් හමුදාව බාරයේ ඇති ඉඩම් අක්කර 538 ඇතුළු ආරක්ෂක හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි බලකරමින් උතුරේ දේශපාලඥයින් හා සිවිල් සංවිධාන එක්ව සදුදා 27 වැනි දා උතුරු පළාත තුළම ක්‍රියාත්මක වන පරිදි හර්තාලයක් කිරීමට සැලසුම් කර සිටින බවට ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ

මුලතිව් කේපාපිලව් හි ජනතාව ඉකුත් දෙසැම්බර් 31 වනදා සිට මෙම ඉල්ලීම් මුල්කර ගනිමින් විරෝධතාවක නිරත වීමත් මෙම ජනතාවගේ ඉල්ලීම් පිළිබද සැලකිල්ලක් නොදක්වමින් රජය ඒ සම්බන්ධයෙන් මුනිවත රැකීමත් නිසා  මෙම හර්තාලය කිරිමට  සැලසුම් කර  ඇතැයි කියැවේ.

Related posts

ලබන සඳුදා දුම්රිය ධාවනයේ වෙනසක්

colombotoday

සුබේරිට සල්ලි ගෙව්ව හැටි කබ්රාල් කියයි

colombotoday

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin