Uncategorized

ඉන්දීය සහ පකිස්තාන හමුදා දේශසීමාවේදී රසකැවිලි හුවමාරැවක

ඉන්දීය සහ පකිස්තාන දේශසීමා ආරක්ෂක හමුදා ඊද් උත්සවය නිමිත්තෙන් දේශසීමාවේදී රසකැවිලි හුවමාරැ කරගෙන තිබේ.

ඉන්දීය සහ පකිස්තාන හමුදා නිදහස් දින,ජනරජ දින, ඊද් සහ දිවාලි වැනි දෙරටේ වැදගත් උත්සව අවස්ථාවල මෙම රසකැවිලි හුවමාරුව සිරිතක් ලෙස සිදුකරයි.

කෙසේවෙතත්, කාශ්මීරයේ පුලවාමා ආශ්‍රිත දේශසීමාවේ 2019 වර්ෂයේ හටගත් ගැටුමත් සමග මෙම සිරිත නැවතී තිබුණි.

එහෙත් පසුගියදා පැවති ඊද් උත්සවය නිමිත්තෙන් ඉන්දු පකිස්තාන හමුදා සාමාජිකයන් යළිත් එම සිරිත ක්‍රියාවට නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, රාජස්ථානය, පන්ජාබය,ජම්මු ඇතුළු ප්‍රදේශ ගණනාවකදීම දෙරටේ හමුදා සමාජිකයන් මෙළෙස රසකැවිලි හුවමාරැ කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තවල සදහන් කරයි.

ඉන්දියාව සහ පකිස්තානය අතර දේශසීමාව කිලෝමීටර් 2290ක් පුරා විහිදෙන අතර එය සැළකෙන්නේ ලොව වඩාත් නොසන්සුන් දේශසීමාවක් ලෙසය.

වි⁣ශේෂයෙන් ජම්මු සහ කාශ්මීර දේශසීමාවේ නිරතුරුව ගැටුම් හටගැනෙයි.

කෙසේවෙතත්, මෙි වසරේ පෙබරවාරි මා⁣සයේ 25 වනදා දෙරටේ හමුදා ජම්මු කාශ්මීර දේශසීමාවෙි සටන් නැවැත්වීමෙි එකගතාවයක් ඇති කර ගත්තේය.

මෙතෙක් එය සාර්ථකව ක්‍රියාත්මක වී ඇති අතර එතැන් සිට මේ දක්වා දෙපාර්ශවය අතර ගැටුම් ද වාර්තා වී නොමැත.

Related posts

එදා මෙදා තුර

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin

රසායනික අවි ප්‍රහාර වැළැක්වීම ගැන මැතිසබයට පුහුණුවක්

Admin

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන්ට පිදෙන “හිස්වැසුම” සංගක්කාරට

colombotoday

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

colombotoday