Colombo Today Local News

ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණය ඉගැන්වීමට ගුවන් හමුදාව යෙදවීමට යයි.

ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවට අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාව පළ කර ඇත.

ප්‍රථමයෙන්ම වව්නියාව ආශ්‍රිත දුෂ්කර පාසල් දරුවන්ට ඉහත විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදාව යෙදවීමට නියමිත ය. සෙසු ප්‍රදේශවල දුෂ්කර පාසල් සඳහා ද ගුවන් හමුදා සාමාජිකයන් යොදවා දරුවන්ට ඉගැන්වීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ (31 වැනිදා) පැවසීය.

Related posts

පාර්ලිමේන්තුව වාර අවසාන වීමෙන් කාරක සභා 11 ක් අහෝසියි

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වෙයි

colombotoday

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday

සිරිල් ගාමිණි පුජකතුමා අදත් CIDයට

colombotoday

“අපි ගෙනාපු ජනාධිපති අපටම හොරු කියනවා.. මට හොදටම මල පැනල ඉන්නේ” – හරින්

colombotoday