Colombo Today Local News

ඉ-හෙල්ත් කාඩ්පත ජනගත කිරීම ඇරඹේ…

ඊ-හෙල්ත් කාඞ්පත හදුන්වාදීමේ පළමු වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වනවා.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, අද පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන්ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන්ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන්ද එය ආරම්භ වනු ඇති.

විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඞ්පත මෙරටට  හදුන්වා දෙන අතර, එහි පළමු අදියර යටතේ රෝහල් 200 ක් සඳහා මෙම කාඞ්පත් නිකුත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, කාඞ්පත හඳුන්වාදීමෙන් පසු මාස 06 ක් තුළ සියලු ශ්‍රී ලාංකිකයින්ට ඊ-හෙල්ත් කාඞ්පත ලබාදීමට කටයුතු කරන බවයි. 

අදාළ රෝගියාගේ සියලුම වෛද්‍ය වාර්තා, සහ දත්ත මෙම කාඞ්පතට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

කිසියම් රෝගියෙකු රෝහල වෙත සිහිසුන්ව පැමිණියද ඊ-හෙල්ත් කාඞ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊට අමතරව දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙනවා.

දිවයිනේ රෝහල් 300 ක පමණ මෙම වසර අවසන් වන විට පරිගණක ගත කිරීමයි රජයේ බලාපොරොත්තුව වී ඇත්තේ.

Related posts

කිලිනොච්චියේ දෙමළ ජනතාවගේ ගෞරවයට පාත්‍රවූ කර්නල් ගැන හමුදාවෙන් තීරණයක්

colombotoday

ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වසර 3 ක සිරදඩුවම් ලැබ සිටි ජිනා මැඩම් නිදහස්

colombotoday

ස්වාධීන කොමිෂන් සභා සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට

Admin

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

තියුණු ආයුධයකින් ඇන කල තවත් පුද්ගල ඝාතනයක්

colombotoday