Colombo Today Local News

ඇවන්ගාඩ් මඩ ගහන්න “වම දකුණ” මාරුවූ පක්ෂ ලොක්කෙකුට මහාරාජාගෙන් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්!

avanguard-shipping-2ඇවන්ගාඩ් ව්‍යාපාරය නීතිවිරෝදී ව්‍යාපාරයක් ලෙස සමජගතකරීම සදහා එම ව්‍යාපාරය  තමන් සතු කරගැනීමට මාන බලන සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන හිමිකරුවකු විසින්  රටේ තුන්වන බලය ලෙස පෙනීසිටීමට උත්සහකරන වම දකුණ මාරු වූ දේශපාලන පක්ෂයක නායකයා වෙත  කොටි ගණනක මුදලක් ලබාදී ඇති බව වාර්තා වෙනවා. ඇවන්ගාඩ් මෙරිටයිම් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කරදමා එම ව්‍යාපාරය එම මාධ්‍ය ආයතනය හිමිකරු සතු කරගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විටද ක්‍රියාත්මකව පවති.

අදාල මධ්‍ය මුදලාලි සතු නාවික සමාගමක්  හරහා මෙම අවි ගබඩාව පවත්වාගෙන යාමේ අවසරය ලබා දෙන ලෙස මේ වන විටත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් අයදුම් කර ඇති බව පැවසෙනවා.  මෙම මෙහෙයුම සිදුවන අතරේ ඇවන්ගාඩ් සමාගම නීති විරෝධී එකක් බවත් එයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවත් යන මතය රට තුළ ගොඩ නැගීමේ කොන්ත්‍රාත්තුව එකී දේශපාලන පක්ෂ නායකයාට බාර දී තිබෙන බවද වාර්තා වනවා. අදාල මාධ්‍ය ආයතනය පසුගිය මැතිවරණයේදී එම දේශපාලන පක්ෂය වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන් බවද ප්‍රකට කරුණකි.

මේ අතර පසුගිය සමයේ බල පෙරළියට වෙනුවෙන් විශාල බරක් ඇද්ද ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන පුරවැසි සංවිධානයක ප්‍රධානින් කිහිප දෙනෙක් අදාල මාධ්‍යායතනයේ හිමිකරු  පසුගිය දිනක හමු වී ඇති බවද අභ්‍යන්තර තොරතුරු මූලාශ්‍ර වාර්තා කරනවා.

Related posts

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

රතන හිමිට විරුද්ධව චම්පික කුමන්ත්‍රණය කරලා – හෙළ උරුමය විරසක වේ

colombotoday

හෙටත් පැය හත හමාරක් කරන්ට් නෑ

colombotoday

තවත් වෙඩිල්ලකට බිලිවූ ජීවිතයක්

Admin

රමළාන් දින දේශනා පැවැත්වීමට තබ්ලිග් පුජකයන් තෝරාගෙන. | සාම්ප්‍රධායික මුස්ලිම්වරුන් විරෝධය දක්වයි.

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin