Colombo Today Local News

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙට (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත

Related posts

ලංකාවේ දරුවන් වෙනුවෙන් ගෙන්වන එන්නත් වර්ග මෙන්න

colombotoday

මහනුවරට භූ චලනය පිලිබඳ පරීක්ෂණයක්

colombotoday

ජනපති ඉදිරියේදී දුක්බර මුහුණින් සජිත් කිවූ දේ

colombotoday

කොළොන්නාවේ නිවසකින් කේරළ ගංජා කිලෝ 129ක් සොයාගනී

colombotoday

“IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”

Admin

කෙහෙලියගේ විශ්වාසභංගය විවාදයට ජනපති දින තුනක් දෙයි

Admin