Colombo Today Local News

සුනිල් රත්නායකට සමාව දීම අසාධාරණ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කියයි.

නඩු විභාගයකින් තොරව කොටි 14,500 කට රජය සමාව දුන් අවස්ථාවක සුනිල් රත්නායක නමැති හමුදා නිලධාරියාට සමාව දීම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම පිළිබඳව හින්දු පත‍්‍රයේ පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර ඇත.

හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව තමා සුනිල් රත්නායකට සමාව දුන් බව වැඩිදුරටත් පවසන රාජපක්‍ෂ මහතා හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද කියා සිටී.

හින්දු වාර්තාවේ කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් යැයි දක්වා තිබුණත් එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා ඇත.

වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දක්වා ඇතත් එය අනුමාන කිරීමක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

colombotoday

රනිල් සමග වැඩ කරන්න බැරිනම් ජනපති ඉල්ලා අස්විය යුතුයි…

colombotoday

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday

හිටපු අගමැති රනිල්ට පාස්කු විමර්ශන පොලිස් ඒකකයෙන් දැනුම් දීමක්

colombotoday