Colombo Today Local News

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ද ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (28)දින ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගැණුනි.

එහිදී අදාළ බැකෝ යන්ත්‍රය ද පොලීසිය විසින් සිය බාරයට ගෙන ගැණුනි.

පසුගිය අඟහරුවාදා රාත්‍රියේ දී ආනවිළුන්දාව අභයභූමියේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතව තිබූ භූමි කොටසක් කිසියම් පිරිසක් ඩෝසර් කර මුළුමනින්ම විනාශ කර තිබුණි.

එම භූමිය විනාශ කර ඇත්තේ ඉස්සන් වගාව සඳහා අවශ්‍ය බිම් සැකසීමේ අරමුණින් බව අනාවරණය විය.

Related posts

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

සිරගතව සිටින රණවිරු සුමිත්ට ඇප නොලැබෙයි.. නැන්දම්මා සිත් තැවුලෙන් සියදිවි නසාගනී !

colombotoday

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

colombotoday

ඛනිජ ප්‍රවාහනය බලපත්‍ර ක්‍රමය තාවකාලිකව අහෝසියි කරයි

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday

ලුණු හිඟයක් ඇති වෙන්නේ නෑ.. වැඩිය ලුණු ගත්තොත් මිලත් ඉහල යයි.

colombotoday