Colombo Today Local NewsUncategorized

අර්ජුනගෙන් ඥති පරපුරටම වරායේ සංග්‍රහ – වෘත්තීය සමිති විරෝධය

arjuna haboureවරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.

අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ වැනි තනතුරු සඳහා. සිය ඥතීන් දස දෙනකු පමණද වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා තවත් ඥතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු පත් කිරීමට රණතුංග මහතා කටයුතු කර ඇතැයිද වරාය වෘත්තීය සමිති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.

අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු ඇතුළත් කර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවත් වරාය අධිකාරියේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර කිසිදු ප්‍රසාදයක්‌ නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

Related posts

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

සජිත්ගේ සමගි ජන බලවේගයේ නාමයෝජනා නිෂ්ප්‍රභ කරන්න ඉල්ලා හිටිහාමිලාගේ හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

කිඹුලා ඇලට වැටුණු BMW රියේ හිමිකරු අත්අඩංගුවට… වෛද්‍ය පරීක්ෂණයට අංගොඩ යවයි..

colombotoday

ඉදිරි පැය 30 තුළ සුළි කුණාටු තත්වයක් ඇති වීමේ අවදානමක්

colombotoday