Colombo Today Local News

අංගොඩ ලොක්කාගේ උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස නියෝග කරයි

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන “අංගොඩ ලොක්කා” විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස අධිකරණය අද (31)දින නියෝග කළේය.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ පිහිටි ගොවිපළක කූඩුකර සිටියදී ‍ඊයේ (30)දින සොයාගත් මෙම උකුස්සා අද (31)දින අතුරුගිරිය පොලීසිය විසින් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව මෙම උකුස්සා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාර දෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

“කුස ඇලි මුහුදු උකුස්සා” නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.

මේ වර්ගයේ උකුස්සන් විධානයන් අනුව කටයුතු කිරීම සඳහා පුහුණු කළ හැකි බව වනජීවි නිලධාරීන් පවසයි.

Related posts

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයත් මාසකට ලක්ෂ 96ක කුලී ගොඩනැගල්ලක !

colombotoday

බැසිල් රාජපක්ෂ ලබන ඉරිදා දිවයිනට

Admin

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday