Colombo Today Local News

“බුදුන්ගේ රස්තියාදුව” කියලා අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක්, ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා හඳුන්වනවා. ඇමති විජේදාස

සීමාවෙන් ඔබ්බට ගිය විකෘතිතාවන් නිසා වර්තමානයේදී සාහිත්‍ය කලාවට විශාල හානියක් සිදුවෙමින් පවතින බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (11දා) පස්වරුවේ පැවැති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට සහභාගි වෙමිනි.

එහිදී විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

කලාව රැක ගැනීම, කලාව ආරක්ෂා කර ගැනීම රජයක යුතුකම හා වගකීමයි. ඒ යුතුකම අවබෝධ කරගත් නිසයි බණ්ඩාරනායක අගමැතිතුමා සංස්කෘතික දෙපාර්තමේන්තුවක් ආරම්භ කළේ. ඉතිහාසය නොදන්න මිනිසුන්, අක්මුල් සිඳ ගත් ඉබා ගාතේ යන පිරිසක් වෙනවා. ඒ වගේම සාහිත්‍ය පිළිබඳ අවබෝධයක්, දැනුමක් නැති උදවියට සමාජයට සෙතක් කළ නොහැකියි.

ඔවුන් භෞතික සත්ත්වයන් ගණයටයි අයිති වෙන්නේ. ඒ නිසා මනුස්සයකුගේ හදවතේ ළෙන්ගතුකම, දයාව, කරුණාව වර්ධනය කර ගැනීමට නම් සාහිත්‍යයෙන් තම හදවත පෝෂණය කර ගත යුතුයි. මෙවැනි සාහිත්‍ය උළෙලක් පවත්වද්දී තේරෙනවා සම්මානයක් දිනා ගන්න ඔබට වැඩිය භාරදුර කාර්යයක් ඉටු කරන්න වෙන්නේ විනිශ්චය මණ්ඩලයට බව. අද කලාව කියන එක නොයෙකුත් අරමුණු කරා විහිදී ගොස් තිබෙනවා.

සමහර නිර්මාණ සම්පූර්ණ කලා වින්දනය වෙනුවෙන් සිදු කරන ඒවා. තවත් නිර්මාණ අපි දකිනවා පොදු වාණිජ පරමාර්ථ සහිත ඒවා. මේ දෙකේම සම්මිශ්‍රණයක් තිබීම වරදක් නැහැ. කර්මාන්තයේ පැවැත්මට එය හොඳයි. හැබැයි කලාවේ තියෙන උතුම් පරමාර්ථ ආරක්ෂා කර ගෙන යමින් ඉටු කරනවා නම් තමයි සත්‍ය කලා කෘතියක් බවට අගයන්න පුළුවන් වෙන්නේ. අපි මේ සාහිත්‍ය උත්සවය අභිමානයෙන් පවත්වන්නේ සම්මානයෙන් පිදුම් ලබන ඔබ කිහිප දෙනා ප්‍රශස්ත සාහිත්‍යකරුවන් ලෙස ලේබල් කිරීමටත්, සම්මාන නොලබන අනෙකුත් නිර්මාණකරුවන් සාහිත්‍යකරුවන් නෙවෙයි කියලා ලේබල් කරන්නවත් නෙවෙයි.

සම්මාන නොලබන සාහිත්‍යකරුවන්ද බොහෝම ප්‍රශස්ත, විශිෂ්ට සේවයක් සමාජය වෙනුවෙන් ඉටුකරනවා. ඒ නිසා සම්මාන නොලබන අය හිත නරක් කරගන්න, අධෛර්යවත් වෙන්න මෙවැනි සම්මාන උළෙලවල් හේතු වෙනවා නම් එය වැරැදි පූර්වාදර්ශයක්.

පසුගිය කාලේ බුදුන්ගේ රස්තියාදුව කියලා ඉතාම අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක් ඉදිරිපත් කරල තියෙනවා. ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා සමහරු හඳුන්වනවා. ඒ වගේ ග්‍රන්ථයක් නිවැරැදි කියලා වන්දි භට්ටකම් කරපු මිනිස්සුන් හඳුන්වා ගන්නවා ඔවුන් කලාකරුවෝ කියලා. මේ තත්ත්වයට කලාව බිඳ වැටුණොත් හෙට අනිද්දා වෙනකොට ජේසුස් වහන්සේත් රස්තියාදුකාරයෙක් කියලා පොතක් එළියට එන්න ඉඩ තිබෙනවා.
නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා පූර්ණ අයිතිය අපි ලබාදී තිබෙනවා. කලාකරුවෝ ඒ නිදහස කවදාවත් අයුතු විදියට භාවිත කරන්නේ නෑ.

කලාව ආගමකට ගරහන්න, ශාස්තෘවරුන්ට ගරහන්න, ආගමික ශ්‍රද්ධාව ඇති මිනිසුන්ගේ හිත් රිදවන්න භාවිත කරන ආයුධයක් විදියට පාවිච්චි කරනවා නම් ඒ තැනැත්තා කලාකරුවෙක් නෙවෙයි. ජාවාරම්කාරයෙක් පමණයි.

Related posts

වෛරීව නොබලන්න.. ජනතාව දුන් පණිවුඩය හරියට තේරුම් ගන්න

colombotoday

ස්විස් තානාපති නිලධාරිණිය පැහැර ගැනීම අතේ රෝලක් ! CCTV දර්ශන නෑ… කිසිම පොලිසියක පැමිණිල්ලකුත් නැ…

colombotoday

ජනපතිගේ සමීපතමයෙක් සිරස මුල් පුටුවට !

colombotoday

ටෙලෝ කොන්දේසි පිළිගන්න බැහැ: පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා…. ශිවාජිලිංගම් කියයි

colombotoday

පාසැල් ක්‍රීඩා යළි අරඹන්න සුදානම් – ක්‍රීඩා ඇමති

colombotoday

‘පැහැර ගැනීම සිදුවූ දවසේ මම හිටියේ රාජිතත් එක්ක’ – හිරුණිකා.. ‘මම එදා හිටියේ රට’ – රාජිත

colombotoday