Colombo Today Local News

ගෑස් සිලින්ඩර් අස්සේ මත්කුඩු. කිලෝ දෙසීයක් සමග නමයක් අත්අඩංගුවට.

වැලිගම මිරිස්ස පොල්වත්ත මෝදර මුහුදු තීරයේදී රුපියල් කෝටි 200 කට අධික වටිනා හෙරෝයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු නාවික හමුදා මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගෑස් ග්‍රෑස් සිලින්ඩර් තුළ සහ ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය වගේ රැගෙන ආ බවටයි අනාවරණ වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී කුඩා බහුදින ධීවර යාත්‍රාවක් ද පොලිස් බාරයට ගෙන ඇත.

පසුගිය මැයි මස එකොළොස් වැනි දින ධීවර කටයුතු සඳහා පිටත් වූ බහුදින ධීවර යාත්‍රාවකින් මෙම මත්කුඩු මත් කුඩු ගෙන එන්නට ඇති බවත් අනතුරුව කුඩා යාත්‍රාවකට මත්කුඩු තොගය පටවාගෙන මුහුදු වෙරළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි.

රාජ්‍ය බුද්ධි සේවාව ට ලද රහසිගත තොරතුරක් අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව , වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ජවිපෙ වැලන්ටයින් පෙම් සැණකෙළියේ !!

colombotoday

මැතිවරණය ජය ගත් පසු ජනතාවට ආර්ථික පැකේජයක් ලබාදෙනවා- සජිත්

colombotoday

පාර්ලිමේන්තුවේ රැස්වීම් දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක්

Admin

මම තවම ගැහුවෙ එක තුරුම්පුවයි.. ඉතිරි ටික 14 වෙනිදා බලාගමු…

colombotoday

ජනතාවට සාධාරණව ඉන්ධන බෙදා හැරීමට රජය අසමත් – නීතිඥ සංගමය

colombotoday

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Admin