Colombo Today Local News

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ විභාග කටයුතු සඳහා නේවාසිකාගාරවලට පැමිණි සිසුවියන් තුන්දෙනෙකුට සහ සිසුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අධ්‍යයන කටයුත්තක් සඳහා ක්ෂේත්‍ර පරීක්ෂණයට යාමට පෙර සිසු සිසුවියන් 10දෙනෙකුට කළ පී.සී.ආර් පරීක්ෂණයකින් අදාළ ආසාදිතයින් 05දෙනා හඳුනා ගෙන ඇත.

අදාළ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් කිසිදු වැඩපිළිවෙලක් නොතිබූ බැවින් සිසුන්ට පෞද්ගලිකව එම පරීක්ෂණ කරගැනීමට සිදුවූ බව එම විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමි සඳහන් කරයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය විසින් එම චෝදනව ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ, දැනටමත් නේවාසිකාගාර තුනක නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන් සඳහා කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

නිරෝධායනයට ලක්වන සිසු සිසුවියන්ගේ විභාග කටයුතු අදාළ නේවාසිකාගාර තුළ සිටම සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

කිරිඇල්ල වෙනුවෙනුවෙන් මල්වතු නාහිමි පෙරට

Admin

ගැබ් ගැනීම් වසරකින් පමා කරන්නැයි දොස්තරගේ ඉල්ලීමෙන් ගැබිනි මව්වරු ගබ්සා කරන්න අවසර ඉල්ලයි

colombotoday

ජනපති මැදිහත් වී බස් වර්ජනය තාවකාලිකව නවත්වයි

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday

“රටේම විදුලි දෝශ හදන්න තව මාස තුනක්වත් යයි” විදුලි උප ඇමති

colombotoday

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

colombotoday