Colombo Today Local News

වනජීවී නි.ඇමති තෙවරප්පෙරුම පෙරපුහුණුවකට කඩා පනී… අගමුල පටවාගෙන හොටබිම ඇනගනී (Video)

වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ගලේවෙල රෝහල, ආපදා කළමනාකරණ ඒකකය හා පොලිසිය ඒක්වී ඊයේ 25 දා පැවැති පෙරපුහුණු වැඩසටහනකට කඩා පැන එම වැඩසටහන් කඩාකප්පල් කර ඇති බවට වාර්තා වේ.

මාර්ගයේ හදිසි අනතුරක් සිදුවූ විට ක්‍රියාකරන්නේ කෙසේද යන්න පිළිබදව මෙම පෙරපුහුණු වැඩසටහන ක්‍රියාක්මක කර ඇති අතර, වෙනත් ගමනක් යමින් සිටි වනජීවී නියෝජ්‍ය ඇමතිවරයා මෙය දැක, පුහුණුවීමක් බව නොදැන තමන්ගේ මාධ්‍ය කණ්ඩායම සමග එක්ව එම ස්ථානයට ගොස් පෙර පුහුණුවට රෝගීන් ලෙස පෙනී සිටි අය රෝහල්ගත කර ඇත.

පසුව එය පෙර පුහුණුවීමක් බව පුද්ගලයෙකු විසින් පවසා ඇති අතර ඒ අවස්ථාවේ දී තෙවරප්පෙරුම මහතා සිය කණ්ඩායමත් සමග එම ස්ථානයෙන් ඉවත්ව ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ගොස් වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ටහා පොලීසියට බැණ තර්ජනය කරමින් වහාම මෙම පෙරහුණු ක්‍රියාවලිය නවතා දමන ලෙස පවසා ඇති අතර අශෝභන ආකාරයට හැසිර තිබෙන බව එහි සිටි පිරිස පැවසීය.

මේ පිළිබඳව ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්, යූ . නිසාන්ත මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ අමාත්‍යවරයා ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම පෙරහුරු වැඩපිළිවෙළට ඇරැඹී අවසානයේදී කිසිදු සොයා බැලීමකින් තොරව එම වැඩපිළිවෙළ අසාර්ථක කිරීම සිදු කළ බවයි.

Related posts

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

colombotoday

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

colombotoday

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday

කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්

colombotoday

Video: ඇමති මංගල විකාශය තහනම් කල රාජ්‍ය වෙසක් මහෝත්සවයේ බුද්ධ පුජාව මෙන්න

colombotoday