Colombo Today Local News

වැලිකඩ වෙඩිතැබීමක්

වැලිකඩ බන්ධනාගාරය අසළ මහල් නිවාස සංකීර්ණයක ඊයේ (19) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාලකරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

පෞද්ගලික මහල් නිවාස සංකීර්ණයක 5 වැනි මහලේදී ඊයේ රාත්‍රී 11ට පමණ එම වෙඩි තැබීම සිදු වී ඇත, මෙම මහල් නිවාස සංකීර්ණය වැලිකඩ බන්ධනාගාරය අසළ ආනන්ද රාජකරුණා මාවතේ පිහිටා ඇත.

පොලීසිය පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා යටතේ බන්ධනාගාරගත සිට පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීමෙන් තුවාල ලැබූ බවයි.

වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් බව මූලික විර්ශනවලදී අනාවරණ වී තිබේ.

පොලීසිය පැවසුවේ, මුහුණු ආවරණ සහිතව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම ස්තිිදු කල බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Related posts

“අසත්‍ය දෑ පළ කරන වෙබ් අඩවි තහනම් කරනවා” – ජනපති

colombotoday

කෝප් කමිටුවට සභාපති රංජිත් බණ්ඩාර ගේ පුත්‍රයා පැමිණීම ගැන පරීක්ෂණයක්

Admin

ඥාණසාර හිමි සිරගත කිරීම දීර්ගකාලීන කුමන්ත්‍රණයක ප්‍රථිපලයක් – අස්ගිරි මහා ලේඛකාධීකාරී හිමි

colombotoday

දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අවදානම් තත්වයක්

Admin

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

මංගලගේ බොදු විරෝධය ගැන ජනපතිට පැමිණිලි.. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැලවෙයි…

colombotoday