Colombo Today Local News

නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම. – ඩොලර් ලක්ෂ හතළිහක් ජනතා මුදල් ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවයි

කොළඹ වරායට ගෙන්වූ ඉන්ධන නෞකාවලින් නියමිත කාලයේදී තෙල් ගොඩබෑමට නොහැකි වීම නිසා ඉකුත් මාස දෙකහමාරක කාලයේදී එම නෞකා සමාගම් වෙත ප‍්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ හතළිහකට (රුපියල් කෝටි 81 ක් පමණ) ආසන්න මුදලක් ගෙවා දැමීමට සිදුවූ බව තෙල් සංස්ථා ගිණුම් අංශ නිලධාරියෙක් හෙළි කළේය.

ඩොලර් හිඟය නිසා මෙම නෞකා නිදහස් කර ගැනීමට දින දෙකේ සිට දින දහයක් අතර කාලයක් ගතවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම ප‍්‍රමාද ගාස්තු අතර ඉන්ධන නෞකාවලින් තෙල් ගොඩබෑමේදී එක් වරක් මුතුරාජවෙල තෙල් පර්යන්තයට ගෙන යෑමත් යළි එම නෞකාවම කොළඹ වරායේ ඩොල්ෆින් ජැටිය හරහා කොළොන්නාවට තෙල් ගොඩබෑමත් නිසා ඩොලර් පනස්දහසක් අමතර ගෙවීම් ද ඇතුළත්ව ඇත.

ඉකුත් මාස දෙකහමාරක කාලයේ දී මෙරට විදුලි බලාගාර හා ප‍්‍රවාහනය සඳහා ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගැනීමට සිදුවූ අතර ඊට අමතරව දීර්ඝ කාලීනව ඇණවුම් කළ නෞකා ද මෙරටට පැමිණියේය.

ඩොලර් හිඟය නිසා ඇතිවූ මෙම අර්බුදය හමුවේ මෙරටට ගෙනඑන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය අඩංගු නෞකා හා ගෑස් නෞකා සඳහා ද ඩොලර්වලින්ම ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී තිබීමෙන් ඩොලර් හිඟය උග‍්‍රවීමට එය ද හේතු වී ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියා සඳහන් කළේය.

Related posts

2022 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

colombotoday

බේගල් ඇදබා රට ගිනි තියන්න හැදූ NGO කුක්කන්ගේ රෙදි ජනපති ගලවා දමයි (Video)

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

colombotoday

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday

ජවිපෙ සහ පෙරටුගාමීන් හාල් රු 1000 ට ගියත් කතා කරන්නේ නෑ.- ඔවුන් අතර ඩීල් එකක් තියෙනවා.

colombotoday