Colombo Today Local News

කෝටි ගණනක කොල්ලයක්… සෞදි හජ් කෝටාවට ඇමති හලීම් විදී…

සෞදි රජය මඟින් හජ් වන්දනාව සඳහා වාර්ෂිකව මෙරටට ලබාදෙන කෝටාව විෂයභාර අමාත්‍ය ඒ.එච්.එම්. එම්. හලීම් මහතා සිය දේශපාලන හෙන්චයියලා යොදා අලෙවි කර විශාල මුදල් කොල්ලයක් සිදු කරමින් සිටින බව ‘ඕල් සිලෝන් හජ් ඔපරේටර් සංගමයේ’ උප සභාපති එම්.එස්.එච්. මොහොමඩ් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ ((24දා) පෙරවරුවේ පැවැති ‘යුනයිට්ඩ් හජ් ඒජන්සිස් එකමුතුව’ විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකදීය.

හජ් වන්දනාව සඳහා සෞදි රජය මඟින් මේ වසරේ 3,000ක කෝටාවක් ලැබී ඇති අතර මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 3,500 දෙනකුගෙන් රු. 25,000 බැගින් රුපියල් අට කෝටි හැත්තෑ පන් ලක්ෂයක මුදලක් එකතු කර ගෙන ඇතත් ඒ සඳහා කිසිදු රිසිට් පතක් නිකුත් කර නොමැති බවද කියයි.

මෙම 3,500 අතරින් සැබෑ ලෙසම හජ් වන්දනාවට යෑමට හැකි වන්නේ බැතිමතුන් 2,800 දෙනකුට පමණි. ඉතිරි 200 දෙනා සඳහා ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලය සහ දේශපාලන හෙන්චයියලා සහභාගි වන බවද පවසන ඔහු හලීම් අමාත්‍යවරයා ඔහුගේ බෑනා සහ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ඇමැතිවරයාගේ සහෝදරයකු මේ වංචාවලට ඍජුවම සම්බන්ධ බවද පවසයි.

මේ අතර ගිය වසරේ පමණක් නියමිත කෝටාවට අමතරව සෞදි රජයෙන් අවසාන මොහොතේ 600ක කෝටාවක් හිමි වූ අතර ඒ සඳහා එක් බැතිමතකුගෙන් රුපියල් 1,44,000ක් බැගින් රුපියල් අට කෝටි හැට හතර ලක්ෂයක මුදලක් එකතු කර ගෙන තිබෙන බව එම මුදල් ලබාගත් බවට කිසිදු රිසිට් පතක් නිකුත් කර නොමැති බවත් ඒජන්සිකරුවන්ගේ සංගම් ප්‍රශ්න කළ විට දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ සෞදියේදී වන්දනාකරුවන්ට අවශ්‍ය හෝටල් පහසුකම් ලබාදීම සඳහා එම මුදල අය කර ඇති බවත්ය.

මේ සඳහා අදාළ ඒජන්සිස් එකමුතුව නියෝජනය කරන ‘ඕල් සිලෝන් හජ් ඔපරේටර් ශ්‍රී ලංකා හජ් ඔප්රේටර් සහ ‘උලමාවරුන්ගේ හජ් සංගමය’ යන සංවිධානවල සාමාජිකයෝ පිරිසක් එක්ව සිටිති.

හජ් වන්දනාකරුවන් සෞදි අරාබියට යෑමේදී වගකීම භාරව ඇත්තේ මුස්ලිම් කටයුතු අමාත්‍යවරයාට, මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවට සහ හජ් කමිටුවටය.

හජ් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හලීම් ඇමැතිවරයාගේ බෑනණුවන් බවටද මෙම ඒජන්සිකරුවන්ගේ කමිටුවේ නියෝජිතයෝ චෝදනා කරති.

දැනට හජ් වන්දනාකරුවන් 20,000ක් පමණ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී පොරොත්තු ලේඛනයේ සිටින අතර වන්දනාකරුවන් තෝරා ගැනීමේදී ලියාපදිංචි වීමේ අනුපිළිවෙළ ගැන තැකීමක් නොකර මහනුවර ප්‍රබල මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ දේශපාලන හෙන්චයියන් තෝරා ගන්නා බවද එම කමිටු සාමාජිකයෝ චෝදනා කළහ.

මෙම මූල්‍ය වංචාවන් ගැන ජනාධිපති විමර්ශන ඒකකය වෙත කළ දැනුම්දීමකට අනුව හෙට දින එනම් අඟහරුවාදා දින සිය සංවිධානයේ සාමාජිකයන්ට එම විමර්ශනය විභාග කිරීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවද හෙතෙම කීය.

මෙම වංචාව පිළිබඳව කරුණු හෙළි කිරීමට මාධ්‍ය හමුවක් කැඳවීමට තීරණය කළ මොහොතේ පටන් සිය සාමාජිකයන්ට හලීම් ඇමැතිවරයා සිය බ්‍රෝකර්වරුන් මඟින් තර්ජනය කරමින් මාධ්‍ය හමුව නොපවත්වන ලෙස දැනුම් දුන් බවද මොහොමඩ් මහතා වැඩිදුරටත් කීය.

Related posts

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

colombotoday

ටිපර් රථයකට යට වී මව-දියණිය මරුට

Admin

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

කොරෝනා මරණ ආදාහනය පිළිබඳව කාදිනල්තුමාට කිසිදු ගැටළුවක් නෑ.

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

මෙරට සහල් හිගයක් ඇති නොවීමට පියවර ගන්න පාරිභෝගික අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට ඉල්ලීමක්

colombotoday