Colombo Today Local News

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

නවක වධය නිසා ඉකුත් 2015 වසරේදී සිය දිවි හානි කර ගත් සබරගමුව විශ්වවිද්‍යාලයීය සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා පොලිස් කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

අමාලි චතුරිකා නම් එම සිසුවියගේ මරණයට අදාළ සාක්‌ෂි පොලිසියට ලබා නොදීම සහ වසන් කිරීම සම්බන්ධයෙන් එවකට උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙස ද සියදිවි නසා ගැනීමට අදාළ පැමිණිල්ල සම්බන්ධ පරීක්‌ෂණ පැවැත්වීම සහ නඩු පැවරීම පැහැර හැරීම පිළිබඳව හෝමාගම පොලිසියේ එවකට සිටි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව පරීක්‌ෂණ පවත්වා සුදුසු දඬුවමක්‌ ලබාදෙන ලෙසද ඇමැතිවරයා තවදුරටත් ඉල්ලා තිබේ.

විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම ශිෂ්‍යයාව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දෙදෙනකුගේ කෲර නවකවධයට ලක්‌ව දැඩි මානසික ව්‍යාධියකට ලක්‌ව ඇතැයි සඳහන් කරන රාජපක්‌ෂ මහතා 2015 වසරේ පෙබරවාරි මස 16 වැනිදා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

එම මරණය ස්‌වාභාවික මරණයක්‌ නොවන බවද ඇමැතිවරයා සිය ලිපියේ තවදුරටත් සඳහන් කර තිබේ.

Related posts

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

“ලක්ෂයකින් ජීවත් වෙන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට.. තව දීමනා ඕන” ඇමති ලක්ෂ්මන්

colombotoday

බෞද්ධ විශ්වවිද්‍යාල දෙකක් අධ්‍යාපන අමාත්‍යංශය යටතට පැවරීමට ජනපතිගේ තීරණයක්

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday

ටෝකන් එකට එන්නත දෙන්න හැදූ මොරටුව නගරාධිපති පොලීසියට භාරවෙයි

colombotoday

නිරෝධායන නීති නොතකමින් පැවැත් වූ අරාබි පාසල

colombotoday