Colombo Today Local News

රිෂාඩ්ගේ නිවෙස රස පරීක්ෂක නිලධාරීන්ගේ දැඩි පරීක්ෂාවට

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ කොළඹ පිහිටි නිවෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද(2) පරීක්ෂාවට ලක් කළ බව රජයේ රස පරීක්ෂිකා ගෞරි රාමණා මහත්මිය පැවසුවාය.

එම නිවසේ ස්ථාන ගණනාවක් මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කෙරුණු බවද ඇය සඳහන් කළාය.

මෙසේ පරීක්ෂාවට ලක් කෙරුණු ස්ථාන අතර මියගිය මෙහෙකාර තරුණිය සිටි කාමරයද වෙයි.

මෙහෙකාර තරුණියගේ මරණය සම්බන්ධයෙන් රිශාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු ඥාතීහු කිහිපදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

Related posts

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

colombotoday

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් අත්සන් ලක්‍ෂ 25 ක පෙත්සමක් අත්සන් තැබීම ඇරබේ

colombotoday

ගන්දර පොලිස් ස්ථානයේ දී සැකකරුවෙකුට වෙඩි වදී

colombotoday

වැඩි කැමැත්ත අකිලට ලු !

colombotoday

තංගල්ල ධීවර කාර්යාලයේ ගින්නක්

Admin