Colombo Today Local News

PHIට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු තිදෙනෙකුට වුන දේ..

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (11)දින අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය (10)වන දා වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් සිව්දෙනෙකු වාර්තා වූ අතර එම පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් සොයා වැල්ලවාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාබැලීමක් සිදුකරමින් සිටින අතරතුර මෙම බාධාකිරීම සිදුවී ඇත.

වැල්ලවාය බස් නැවතුම්පොළේ දී වෙළෙඳසැළක එම ආශ්‍රිතයින් සිටීම නිසා එම ස්ථානයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් ඇති අතර එහිදී එම ස්ථානයේ මෙම පුද්ගලයන් තිදෙනා මුහුණු ආවරණ ද නොමැතිව ගැවසී තිබේ.

පසුව ඔවුන්ට මුහුණු ආවරණ පළදින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම් දී ඇති අතර එහිදී එම පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැල්ලවාය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අද (12) දින වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

බොරැල්ලේ ජය අනුරට

Admin

මාස 3කදී සෑම මසකම සංචාරකයින් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් ලංකාවට

Admin

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

උතුරේ හමුදා කදවුරු සහ, කොටි සැමරුම් ගැන උතුරු මහඇමති කොළඹදී කතා කරයි !

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday