Articles

පිටු හයසීයේ සාක්ෂිය අතහැර ඔත්තුකාරයා වරදකරු කිරීම

2019 පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ අවසන් වාර්තාව පෙබරවාරි 01 වැනිදා එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විණිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය. පාස්කු කොමිසම දින 214 කාලයක් මුළුල්ලේ පුද්ගලයන් 457 දෙනකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එහි වාර්තාව පිටු 472 කින්, ඇමුණුම් 215 කින් සහ වෙළුම් 06 කින් සමන්විත වේ. මේ සාක්ෂිකරුවන් අතරට යහපාලන රජයේ ප‍්‍රධානීන් වූ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාත් සිටි බව ප‍්‍රකට කරුණකි. සාක්ෂිකරුවන්ගේ සටහන් පමණක් පිටු 37314 පමණ තිබෙන බව මේ වාර්තාවේ සඳහන් කර ඇත. එම සටහන් මේ වන විට පොත් 206 ලෙසින් සංරක්ෂණය කර ඇති බව ද මේ අවසන් වාර්තාවේ කොමසාරිස්වරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්ව ඇත. දැන් අවසන් වාර්තාව ලෙසින් ඉදිරිපත් වී ඇති වෙලූමේ ඇත්තේ මේ කියූ සියලූ කොටස්වල එකතුවක් ලෙසින් ඉදිරිපත් වන සාරාංශගත කරුණු සම්පිණ්ඩනයක්ය. ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ 2019 සැප්තැම්බර් 21 වැනි දින එවකට සිටි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්ය. ඒ පත් කිරීම වෙනුවෙන් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ සඳහන් පරමාර්ථ 13ක් තිබූ අතර ඒ පරමාර්ථ සියල්ල ප‍්‍රධාන කරුණු දෙකක් මත පදනම් වූ බව පෙනී ගියේය. ඒ ප‍්‍රධාන කරුණු දෙක වන්නේ මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකියන අය කවුරුන් ද යන වගත් ඒ බෝම්බ ප‍්‍රහාරය සිදුවන තැනට රටේ පාලනය අකර්මණ්‍ය කර තිබුණේ ද යන වගත් සොයා බැලීමය. මේ කොමිසම පත් කරමින් නිකුත් කළ විශේෂ ජනාධිපති නියෝග ගැසට් පත‍්‍රය අත්සන් කර තිබුණේ එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්. සෙනෙවිරත්න මහතා විසිනි.

එහෙත් මේ නිකුත්වූ අවසන් වාර්තාව පාස්කු කොමිසම පත් කළ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රීලනිපයත් ඒ කොමිසම පත්කළ ආණ්ඩුව හා යහපාලන අරමුණු නියෝජනය කරන සමගි ජනබලවේගයේ වත්මන් නායකයා වූ සජිත් පේ‍්‍රමදාස මහතාත් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. හිටපු ජනපතිවරයා මෙය ප‍්‍රතික්ෂේප කරන්නේ එහි නිර්දේශවල මුලින්ම පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළව ඔහු ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකා බැලීමට නිර්දේශ කර තිබීම නිසාය. එසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2019 අපේ‍්‍රල් මස 16 වැනිදා සිට 21 වැනිදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප‍්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ ප‍්‍රහාරවලට මඟපෑ¥ බවත් ඉන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් කොමිසම ප‍්‍රකාශ කර තිබේ. මෙය බරපතළ චෝදනාවකි.

පාස්කු කොමිසන් අවසන් වාර්තාවේ වඩා විවාදාත්මක නිර්දේශය වූයේ බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට යෝජනා කිරීමයි. එසේනම් බෝම්බ ගැහුවේ සහරාන්ද ඉල්හාම් සහෝදරවරුද? තව්හීඞ් ජමාත්වරුද? නැත්නම් ඥානසාර හිමියන්ද යන ප‍්‍රශ්නය බරපතළ ලෙස පැන නැ`ගිණි. සාරා ජෙස්මින් මුස්ලිම් ආගමට ගියෙත් බොදු බල සේනාව නිසාදැයි සමහරු ප‍්‍රශ්න කර සිටියහ. සාරා ඉන්දියාවට ගිය බෝට්ටුව රැුගෙන ගිය පුද්ගලයාද අතුරුදන්වී ඇති බව විශ්ලේෂකයන් සොයා ගෙන ඇත. නමුත් මෙය අතුරු කතාවකි. නැවත බොදු බලයට එරෙහිව න`ගන චෝදනා ගැන කිවහොත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප‍්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප‍්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බවත් කොමිසම නිර්දේශ කර ඇත. ඥානසාර හිමියන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට සාක්ෂි දීම ස`දහා දින අටක් පමණ ගොස් ඇති අතර කොමිසමේ සාමාජිකයන් ඉදිරියේ සාක්ෂි දීමට දින හයක් ගොස් ඇත. උන්වහන්සේගේ සාක්ෂි පිටු හයසීයක පොතකි. ඇත්තෙන්ම පාස්කු කොමිසමේ සාක්ෂි අතර උන්වහන්සේගේ සාක්ෂිය ඉතා වැදගත් බව සටහන් කළ යුතුය. ඥානසාර හිමියන් මෙරට අන්තවාදය පැතිරවීමට කටයුතු කරන සංවිධාන ලෙස හෙළි කළ මුස්ලිම් සංවිධාන මේ අවසන් වාර්තාව මගින් තහනම් සංවිධාන කළ යුතු බවට නිර්දේශ කර තිබීමට එම සාක්ෂියේ වැදගත් බවට හො`දම උදාහරණයක් සපයයි. ඇත්තෙන්ම මෙරට අන්තවාදය ගැන ඉතාම හො`ද තොරතුරු රාශියක් බොදු බල සේනාව සතුවිය.

සහරාන් හෂීම් නැමැත්තා 2009 වසර සිටම සිය දේශන හරහා අනුගාමිකයන් රැුස්කර ඇති බව පාස්කු කොමිසම් වාර්තාව කියන අතර අන්තවාදය පෝෂණයවීමට බොදු බල සේනාවද හේතුවූ බව කියයි. ඇත්තෙන්ම සහරාන් අන්තාවාදී අදහස් ප‍්‍රකාශ කිරීමට පටන්ගෙන වසර කිහිපයකට පසුව බොදු බල සේනාව කරලියට පැමිණියේය. එසේනම් සහරාන් වහාබ් කල්ලි ඇති කළේ ඉදිරියේදී ඇතිවන බොදු බල සේනාවට එරෙහිවද? මෙය හාස්‍යයට කරුණකි.

2007 දීත් සහරාන් සංවිධානාත්මකව සම්ප‍්‍රදායික මුස්ලිම් පල්ලිවලට ප‍්‍රහාර එල්ල කර ඇත. දීර්ඝ කාලයක් පුරා ඉස්ලාම් වහාබ් මූලධර්මවාදියකු ලෙස කටයුතු කළ සහරාන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් සඳහා මෙහෙය වීමට තවත් පුද්ගලයකු අවශ්‍යයද? බටහිර ලෝකයේ තනිවම සන්නද්ධ වූ මුස්ලිම් අන්තවාදී ප‍්‍රහාරකයන් නොහොත් තනි වෘක ප‍්‍රහාර ඇති වූයේත් බොදු බල සේනාව නිසාද? එසේනම් අයිසිස් බිහිවීමට හේතුවත් බොදු බල සේනාවම විය හැකිය. අයිසිස් සංවිධානය බිහිවූයේද 2014 වසරේ මුල් කාලයේදීය. සහරාන් සිරියාවේ ප‍්‍රහාර දැක වඩා ප‍්‍රමුදිත වූ බව නම් පැහැදිලිය. මීට වසර පහකට පෙර 2016 ජුලි 01 වැනිදා රාත‍්‍රියේ ඩකා අගනුවර අවන්හලකට එනම් Holey Artisan Bakery වෙත එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයන් 29 දෙනකු මරණයට පත් විය. මෙහිදී විදේශිකයන් 18 දෙනකු මරණයට පත්වීම විශේෂය. මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි අයිසිස් සාමාජිකයන් හයදෙනාද හමුදා හා පොලිස් ප‍්‍රහාර හමුවේ මරණයට පත්විය. මේ ප‍්‍රහාරයෙන් පසුව අයිසිස් සංවිධානය නිවේදනය කළේ තම සාමාජිකයන් විසින් බංගලාදේශ අගනුවරදී මිථ්‍යාදෘෂ්ටිකයන් 22ක් මරා දැමූ බවයි. හෝලි ආටිසන් බේකරි අවන්හලට පහරදීමට පැමිණි ත‍්‍රස්තයන් හයදෙනාගෙන් දෙදෙනකුද තමන් සකීර් නායික්ගේ අනුගාමිකයන් බව හෙළිකර තිබිණි. සකීර් නායික් යනු වහාබ්වාදය පතුරවන මුස්ලිම් ආගමික දේශකයෙකි. මොහුගේ රූපවාහිනි චැනලය එනම් පීස් ටීවී පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මෙරට විකාශය තහනම් විය. වර්තමානයේ ආගමික ත‍්‍රස්තයන් බිහිවීමට වෙන රටකට හෝ වෙන ප‍්‍රදේශයකට පළාගොස් දැනුම හෝ ආයුධ පුහුණුව ලැබිය යුතු නැත. තම කාමරයේ ඇඳ මත වැතිර සිටම ජංගම දුරකථනය හෝ සිය පුද්ගලික පරිගණකය හරහා සති කිහිපයකින්ම අන්තවාදියකු විය හැකිය. ඒ තරමටම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුස්ලිම් අන්තවාදය වැපිරේ. මෙරට පාස්කු ප‍්‍රහාරකයන් බෝම්බ සකස් කර තිබුණේද අයිසිස් වෙබ් අඩවි හරහා ලබාගත් දැනුම ඔස්සේය. එනිසාම ත‍්‍රස්තයන් සිරියාවෙන් හෝ කාබුල් නුවරින් පැමිණෙන්නේ නැත. එනිසා පාස්කු කොමිසම සියලූ කුණු බොදු බල සේනාවට බැර කිරීම සැබවින්ම ඔවුන්ට විමසීමට භාරදුන් අරමුණු අයාලේ යැවීමක් ලෙස හැ`දින්විය හැක. ඇත්තෙන්ම පාස්කු කොමිසම සිදු කර ඇත්තේ ඔත්තුකරු අපරාධකරුවකු කිරීම පමණි. පාස්කු කොමිසමේ එක සාක්ෂිකරුවකු වූ මම තොරතුරු සහිතව වහාබ් අන්තවාදය ගැන එහි පොලිස් ඒකකයට පැය කිහිපයක් සාක්ෂියක්ද ලබා දුන්නෙමි. එවිටද සකීර් නායික් අන්තවාදී දේශනා ගැන කරුණු හෙළි කර සිටියෙමි. එලෙසම අයිසිස් අන්තවාදය ගැන රචනා කරනු ලැබූ ‘‘අන්තවාදයේ භීෂණය” ග‍්‍රන්ථයේ පිටපතක්ද ලබා දුනිමි.

මීට දින කිහිපයකට පෙර මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ද හැඟුම්බරව අදහස් දක්වමින් පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ දැඩිව විවේචනය කර තිබිණි. ‘‘මේ වාර්තාවේ 411 වෙනි පිටුවෙ ලියැවිලා තියෙනවා අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ක‍්‍රියාව, දිගනේ තෙල්දෙණියේ සිද්ධියටත් වෙනමම කොමිසමක් පත්කරන්නට ඕනෙ කියලා. මෙතන නුවර යන්නෙ මම මගේ ඥාතියකුගේ මළගෙදර. දෙයිහාමුදුරුවනේ දැන් මේකට ගියා කියලා මෙහෙම නීති පනවනවා නම් අර බෝම්බ ගහන්න ආපු අය කෝ? දෙයිහාමුදුරුවනේ මං බණ කියන එක වැරදිද? මොන කුණුහරුපයක්ද මේ? මම තිස් අවුරුද්දක් යුද්දෙට මුහුණ දීපු භික්ෂුවක් හැටියට මම වගකීමෙන් කියනවා මේ අහිංසක ජනතාවට, මේ පාස්කු ප‍්‍රහාරයට මුහුණ දුන්න අහිංසක කතෝලික ජනතාවට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පමණයි ස්වර්ගය පමණයි. ඊට වඩා දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මේ කෙහෙම්මල් පාස්කු වාර්තාව ඒ පත් කරපු මිනිස්සුත් වැරදිකාරයෝ කරලා තියෙනවා නම් අපි වගේ කැලේ ඉන්න අහිංසක මිනිස්සු වැරදිකාරයෝ කරලා හෙට අනිද්දාට හිරගත කළාට පස්සෙද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිවෙන්නෙ. හැමදාමත් අපි කතා කළේ අපට වෙන අසාධාරණය පිළිබඳවමයි, ඉදිරියටත් වන්නේ ඒකම නම් මීට වඩා හොඳයි කොරෝනා හැදෙනවා නම් කියන එක තමයි කියන්න තියෙන්නෙ” පාස්කු කොමිසමේ සියලූ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම අපහසු බව රජය දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එය ඉතා වැදගත්ය. බොදු බල සේනාව තහනම් කිරීමට රජය කටයුතු නොකරන බවද පැහැදිලිව ස`දහන් කර ඇත. බෞද්ධයන් මෙරට අන්තවාදී ක‍්‍රියාවල යෙදී නැත. සිදු කර ඇත්තේ අන්තවාදය හෙළි කර දීම පමණකි. මෙරට සැමට වඩා හො`ද සහෝදරකමකින් ජීවත්වීමට හැකියාව උදාවී ඇත්තේ බහුතර බෞද්ධ සමාජයේ මෛත‍්‍රී ගුණය නිසාය. නමුත් එය වටහා නොගත් බටහිර මාධ්‍ය හා මෙරට සමහර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් බොදුබල සේනාව හරහා මෙරට බෞද්ධ අන්තවාදයක් පැතිරෙන බව කියමින් සිටියදීම පාස්කු ප‍්‍රහාරය එල්ල වීම සැබවින්ම අභාවාචක සිදුවීමකි.

චතුර පමුණුව

Related posts

ජාතියේ හිස සිදින උමතු විස්‌ස – රියර් අද්මිරාල් සරත් වීරසේකර

colombotoday

කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම – 2019 ජයගත් භික්ෂූ භූමිකාව – බෞද්ධ ඔබ කියවිය යුතුම ලිපියක්

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday

ඉරානයම කම්පා කළ නොම්මර එකේ ප්‍රහාරකයා – MQ-9 Reaper

colombotoday

දරුවන් මතට යොමු කරන බිග් මැච්

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday