Colombo Today Local News

සිංහරාජය අවට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට තීරණයක්

සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක,වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, එවැනි ඉඩම් හෙක්ටෙයාර් 400ක් පමණ ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මෙම ඉඩම්වල වන ගහනය පැවතිය ද ඒවා පෞද්ගලික ඉඩම් හේතුවෙන් වන සංරක්ෂණ ආඥා පනත අනුව ඒවායේ සිදුවන වන විනාශයන් වැළැක්වීමට දෙපාර්තමේන්තුවට ප්‍රතිපාදන නොමැති බව ද ඔහු කියා සිටියේය.

නිශාන්ත එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම ඉඩම් පවරා ගැනීමත් සමග සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු වන බවයි.

Related posts

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

colombotoday

සැප නින්දට කැමති දේශපාලකතුමාගෙන් සුරූපී නිරූපිකාවට ලක්ෂ 150ක සැප රියක් තෑගි..!

colombotoday

රන්ජන්ගේ මන්ත්‍රී ධුරය ගැන 12 වැනිදා දක්වා තීරණයක් ගන්න එපා – අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

colombotoday

ඤාණසාර හිමියන් තවදුරටත් සිරගත කිරීමට නීතීඥ සංගමය සහ එන්ජීඕ කුමන්ත්‍රණයක්!

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

යාපනයෙදී කඩු ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට

colombotoday