ජනාධිපතවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ උසස් පොලිස් නිළධාරියෙකු ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග කර තිබේ.
අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බලමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ ඇප සම්බන්ධයෙන් ලිඛිත දේශන එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.