Colombo Today Local News

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් ආපසු යවයි. සම්පුර්ණ විමර්ශන ගොනු එවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිගෙන් ලිඛිත උපදෙස්.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ  හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (26) යවන ලදී.

සම්පුර්ණ විමර්ශන ගොනු නොපමාව හරියාකාරව සිදුකර උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දුන් බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උධෘත ගොනු නීතීපති උපදෙස් සඳහා විවිධ පොලිස්ථාන වලින් නීතීපති දෙපාර්තමෙන්තුට ලැබී ඇති බවත් එම විමර්ශන ගොනු වලින් බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කර ඇති බව සඳහන් කර තිබුණත් විමර්ශන අසම්පුර්ණ හා කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ ගොනු බව පෙනී ගොස් ඇති බවත් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

එලෙස කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් මුලිකව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ආපසු බාරදී ඇති අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඉදිරිපත් කර ඇති අසම්පුර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාරදීමට කටයුතු කරන බව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම අසම්පුර්ණ  විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදුකර එම සම්පුර්ණ විමර්ශන ගොනු උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Related posts

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday