Colombo Today Local News

පොහොර නොමති කමින් කුඹුරු අත් හැර දමන ගොවීන්

කර්කශක වූ පොලවත් සමග පොර බදිමින් රටට බත දෙන අනුරාධපුර දිස්ත්‍රිකයේ මැදවච්චිය අංක 47 පූනෑව තුලානේ නාගදරණවැව ගොවීන් මේ දින වල තම වී ගොවිතැන සඳහා පොහොර නොමැතිකමින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් මෙවර යල් කන්නය වෙනුවෙන් වී වගා කර ඇති කුඹුරු අක්කර 400 ක් පමණ නිසි කළට පොහොර නොමති කමින් අත් හැර දැමීමට සිදුව ඇති බව ගොවීහු කියති.

මෙවර දිවයිනේ වී වගාවන් සිදු කරන ප්‍රදේශ වල නිසි අයුරින් ජල පෝෂිත ප්‍රමානවත් ලෙස පිරී පවතින බවත් විටෙන් විට ලැබෙන වර්ෂාව වී ගොවිතැනට උච්ත බවත් ස්වභාධර්මය ගොවියාට ආශිර් වාදයක් වූ කළ ආණ්ඩුව පොහොර නොදී ගොවියා අසරණ කර ඇති බවයි ගොවීන් වැඩි දුරටත් පවසයි.

රජය කෘෂි රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දිවයින පුරා මහා පරිමානයේ කළු කඩ හිමියන් තම පුද්ගලික ගබඩා තුළ පොහොර සගවා තබා ගනිමින් වෙළද පොලේ මේ වන විට දැඩි පොහොර හිගයක් නිර්මාණය කර ඇත. ඒ හරහා යල් කන්නය වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතව තිබූ පොහොර සහනාධාරය ද රජය නිසි අයුරිනි ලබා දීමට මේ වන විට අපොහොසත් වී ඇත. ඒ අනුව අවස්ථාවෙන් ප්‍රයෝජනය ලබා ගැනීමට බලා සිටින අපේ රටේ කළු කඩ හිමියන් රටට බත දෙන ගොවියා අධෛරමත් කරමින් අධික ලාබ උපයමින් පොහොර ලබා දීම තැනින් තැන මේ වන විට සිදු කරමින් පවතින බව වාර්ථා විය. ඒ අනුව රුපියල් 1000 ක් වටිනා පොහොර මිටිය රුපියල් 5000 කට අලවි කරන බවයි ගොවීන් පවසන්නේ.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ගොවීන්ට දිවි නසා ගැනීමට සිදු වන බවත් වෙළඳ පොලේ සහල් මිල ඉතා ඉහල අගයකට ගොස් ඇති මොහොතක ගොවීන් කුඹුරු අත් හැරීම හේතුවෙන් ලබන වර්ෂය වන විට සහල් මිල පාලනය කර ගැනීමට නොහැකි ප්‍රමාණයෙන් ඉහල යා හැකි බව ත් ගොවීහු පෙන්වා දෙති.

පොහොර නොමැති කමින් කුඹුරු දෙස බලා හූල්ලමින් සිටින ගොවීන් තම දහඩිය මහන්සියෙන් කළ වී ගොවිතැන පොහොර නොමැතිව ඇස් ඉදිරිපිට විනාශ වන අයුරු පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වන මෙසේ කීය..

සුජීව සෝමපාල ගොවි මහතා,

අපි මේ වගා කරන යල් කන්නයේ වී ගොවිතැනට දැන් තියෙන තත්ත්වය අනුව පොහොර නිකම් එපා. සාධාරණ මුදලට පොහොර මිලදී ගන්න පුලුවන් ක්‍රමවේදයක් අපට හදලා දෙන්න කියලයි අපි රජයෙන් ඉල්ලන්නේ. කළු කඩ කාරයෝ රුපියල් 1000 ට ගන්න තියෙන පොහොර මිටිය රුපියල් 5000ට විකුණනවා. සෙනග වැඩි වුණාම තවත් මිල වැඩි කරන්න අයේ පොහොර නෑ කියනවා. අපිට නිසි කලට පොහොර ලබා දෙන්න. නැත්නම් මේ ගොවිතැන අතහරින්න තමයි සිදු වෙන්නේ. මේ ගොවිතැනට දින 20 යි දැන්. පොහොර ඇටයක් නෑ. ගොයම් ගස් අවර්ණ වෙලා. බාල වෙලා. පොහොර නොමැති කමයි මේ සියල්ලට හේතුව. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ දුක බලලා පොහොර ටික ලබා දෙන්න කියලයි. වෙන මොනවත් අපට එපා.

නිමල් ජයසූරිය ගොවි මහතා,

අපි මේ අබුඩය ගසාගෙන කර්කසක පොලවත් එක්ක මහන්සිවෙලා රටට එවන සහල් තමයි ඔය කට්ටිය ටයි කෝට් දාගෙන ලොකු ලොකු හෝටල් වලට ගිහින් හැදි ගෑරප්පු වලින් කන්නේ. එයාලට ඒක කාලා ඉවර වුණාම අමතකයි ගොවියා ගැන. අපිට පොහොර ලබා දෙන්න. මේ ගොයමට දැන් දින 20 යි. අවශ්‍ය කාලයට පොහොර දාන්න බැරි වුනොත් මේ වගාව අත හරින්න තමයි සිදු වෙන්නේ. පොහොර ඇටයක් මේ වගාවන් වලට දාලා නෑ මේ වෙද්දි. මාස 03 න් ගොවිතැන අහවර වෙන්නනම් මේ වෙදිදි මේවට පොහොර වැටෙන්න ඕනේ. බලධාරින්ගෙන ඉල්ලන්නේ කඩිනමින් පොහොර ලබා දෙන්න අපිට කියලයි . නැත්තම් ගොවිතැන අතහරින්නයි අපට සිදු වෙන්නේ.

ජී. පුංචි බණ්ඩා ගොවි මහතා,


අපි කුලී වැඩ කරලා හම්බ කරපු මුදල් වලිනුයි මේ කුඹුරු කරන්නේ. දැන් මේවට පොහොර නැතුව අපි හූල්ලනවා. මේ ගොයම් විනාශ වුනොත් පොහොර නැතුව අපිට වෙන්නේ එල්ලිලා මැරෙන්න. අපි ගොවිතැන් කරන්නේ අපේ දරුවන්ගේ බඩ පුරව්න්න විතරක් නොවේ. සමස්ත රටේම ජනතාවගේ කුස ගින්න නිවන්නයි. එහෙවු ගොවියා අද රජය පොහොර නොදී අසරණ කරලා.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

රන්මාල-යතුරුපැදි කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

colombotoday

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

colombotoday

ඉන්දීය ධිවරයින් 11ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

නාකොටික් නිලධාරීන් 31 තෙක් තවදුරටත් රිමාන්ඩ්

colombotoday