Colombo Today Local News

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ නොච්චියාගම, පහළ මාරගහවැව, තම්මන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

2010 වසරේ ජනවාරි මස 26 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් තම්මන්නාවදී සිය බිරිඳට අතින් පයින් පහරදී ඇගේ සිරුරට භූමිතෙල් වත්කොට ගිනිතබා බරපතළ තුවල සිදුකර මරා දැමීමේ වරදරට නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය ප්‍රකාරව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇත.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් සදහන් කලේය.

මෙම නීති කෘත්‍යයේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමුකර තිබිණි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි අජිත් ජයසේන ඇතුඑ 12 දෙනෙකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ තිබිණි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණයේ එවකට හිටපු රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි පෙනී සිටි අතර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් රජයේ අධිනීතිඥ නිමේෂා ද අල්විස් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය

Related posts

ජන බලයට බෙදූ කිරි පැකට්ටුවේ වස නෑ… රස පරීක්ෂණයෙන් හෙළිවුණා…

colombotoday

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday

මන්ත්‍රීවරුන් යහමගට ගන්න වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් කතානායකට ලිපියක්

colombotoday

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

ඥාණසාර හිමිට උපරිම දඩුවම් දෙන්න.. එජාපයේ ඉහළම තැන් දෙකකින් බලපෑම් !

colombotoday