Colombo Today Local News

අන්තර්ජාල වේගයන් මන්දගාමීයි. | විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කරන්න

මේ දිනවල අන්තර්ජාල සේවාවන්හි වේගයන් මන්දගාමී වීමක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත. මේ හේතුවෙන් මාර්ගගත ක්‍රමයට නොහොත් අන්තර්ජාලය හරහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සදහා සහභාගී වන පිරිස්, work from home සංකල්පය යටතේ නිවසේ සිට අන්තර්ජාලය හරහා ආයතනික වැඩකටයුතු කරන පුද්ගලයින් මහත් අපහසුතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර සිටියි.

ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ල සදහා සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මින් පෙර අවස්ථා කිහිපයකදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් අන්තර්ජාල සේවා සපයන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කණගාටුවට පත් කර සිටියි.

ආර්ථිකය නගාසිටුවීමට ඩිජිටල් තාක්ෂණය වඩා ඵලදායි ලෙස යොදා ගැනීම රජයේ වගකීමක් වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන අතර ඒ සදහා අත්‍යවශ්‍ය වන වේගවත් අන්තර්ජාල පහසුකම් ජනතාව වෙත ලබාදීමට කටයුතු කිරීම, අන්තර්ජාල සේවා සපයන සමාගම් නියාමනය කිරීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීමක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කර සිටියි.

Related posts

රටේ රජාට බෝගස්වැව අමතක වෙද්දී එහි ජනතාව අලුතෙන් රජෙක් පත් කරගෙන

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

අමාත්‍යංශවලට විශේෂ කාර්ය බළකා ආරක්ෂාව

colombotoday

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday