Colombo Today Local News

මාතර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට යලිත් හොරු පනී.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ වහළයේ උළු ඉවත් කර කිසියම් පිරිසක් ඊට ඇතුල්වී ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

වහලේ උලු කැට කිහිපයක් ඉවත් කර සිවිලිම කඩා එම කාමරයට කිසිවකු ඇතුළු වී තිබුණි.

එහි නඩු භාණ්ඩ වශයෙන් ලියුම් කවරවල දමා තිබු මුදල් එම කවර ඉරා ගන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

කෙසේ වෙතත් සොරා ගෙන ගිය මුදල් හෝ දේපොල සම්බන්ධයෙන් වාර්තාවක් මේ වන තෙක් ලබා දී නොමැත.

මීට පෙර අවස්ථාවක දී ද මෙම නඩු භාණ්ඩ කාමරය සොරු බිද තිබුණි.

අධිකරණයේ ආරක්ෂාවට මුරකරුවකු හා පොලිස් නිලධාරීන් ද සිටින බව පොලිසිය කියයි.

Related posts

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

පොහොට්ටුවට අයිතියක් නෑ රට පාලනය කරන්න

colombotoday

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දා මෙරට නිල සංචාරයක

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday