Colombo Today Local News

මල්වතුහිරිපිටිය විහාරස්ථානයේ හිමි නමක් ඝාතනය කිරීමේ සිදුවීමේ වෙඩික්කරු ජීව්තක්ශයට

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ගම්පහ, මල්වතුහිරිපිටිය විහාරස්ථානයකදී හිමි නමක් ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සැකකරු අත්තනගල්ල යටවක ප්‍රදේශයේ සැඟ වූ ආයුධ සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇති බව සඳහන් වේ.

ගම්පහ මල්වතුහිරිපිටිය, කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පසුගිය ජනවාරි 23 වන දා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස සැකකෙරෙන මෙම පුද්ගලයාව මොණරාගල හම්බේගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකටයුතු පුද්ගලයෙකු ප්‍රදේශයේ සිටින බවට හම්බෙගමුව පොලිස් ස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණ අතර 32 හැවිරිදි සැකකරු අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

Related posts

මන්ත්‍රී චමින්ද අධිකරණයට භාර වෙයි…

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ජනපති එක්ක එකතුවුණේ අපි එපා කියද්දීයි… අපි සතුරන්ගේ උගුලකට අහුවුණා – වෙල්ගමගෙන් දෝස්මුරයක්…

colombotoday

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

කඩ කාමරයක් තුළ මියගිය කාන්තා මළ සිරුරක් හමු වෙයි

Admin