Colombo Today Local Newsfeatured

හිස්බුල්ලාගේ ජිහාඩ් කණ්ඩායම මෙතෙක් අවි භාරදී නැහැ | පාස්කු කොමිසමේදී හෙළිවෙයි

නැගෙනහිර පළාතේ 2008 වර්ෂයේ පමණ ක්‍රියාත්මක වූ ජිහාඩ් මතධාරී ආයුද සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් 18න් එකක් මෙහෙයවනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා බව නැගෙනහිර පළාත් භාරව කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පැවැසීය.

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් කණ්ඩායමේ සාමාජිකයන් 17දෙනකු සිටි බවත් ඔවුන් සතුව ටී 56 ගිනි අවි 17ක් සහ ජීව අත්බෝම්බ 04ක් තිබූ බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙරේදා (23 වැනිදා) කොමිසම හමුවේ සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2009 ජූලි මස 04 වැනි දින මෙම ජිහාඩ් මතධාරි ආයුද සන්නද්ධ මුස්ලිම් කණ්ඩායම් 18ට තමන් සතු ආයුද භාරදෙන ලෙස නියෝග කළද, හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙතෙක් එම නියෝගයට අනුව තම කණ්ඩායම සතු ආයුද භාරදීමට කටයුතු නොකළ බවයි.

Related posts

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනයක

Admin

නැවේ ගින්න පාලක මැදිරිය දෙසට ව්‍යාප්ත වෙයි. | දකුණු පසට ඇලවීම නිසා ඇතැම් බහාලුම් මුහුදට

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday

“සයිටම් වෙඩිල්ල” නාටකයේ සුලමුල

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday