Colombo Today Local News

කෙහෙළිය නැවතත් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අප්‍රේල් 22 වනදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් ව අද (08) දින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් එහිදී නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් 5 වැනි සැකකරුව ඇප මත මුදාහැරී බවත් ය.

එසේම 10 වන සහ 11 වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි

Related posts

හොදම ගුවන්සේවා 10 අතර වැජඹුනු “ශ්‍රීලංකන්” අද තත්වය.. මගීන්ට කිඹුලා බනිස් (Photo)

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

දේවස්ථානයේ බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවසේ ආයුධ ගබඩාවක්

colombotoday

බෝක්කුවකට ඇඳ වැටුණු කුරුණෑගල පාසල් සිසුවා මිය යයි

colombotoday

රාජිත රිමාන්ඩ්

colombotoday

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday