Colombo Today Local News

අන්තවාදීන් වෙනුවෙන් කුලියට ලියන කැෆේ කිර්තිගේ හෙළුව.

මේ දිනවල බොහෝ දෙනා පාස්කු ප්‍රහාරය ගැන වැඩි වැඩියෙන් කතා කරන කාලයක් බවට පත්ව තිබේ.විපක්ෂය සහ ආණ්ඩුවට විරුද්ධව මත පලකරන පිරිස පාස්කු ප්‍රහාරයට සම්බන්ද මහ මොළකරුවන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි බරපතල ලෙස ප්‍රශ්න කරන කාලයකි.ආණ්ඩුව වෙනදාට සාපේක්ෂව පොලිස් පරීක්ෂණ වේගවත් කරමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් තරාතිටම නොබලා විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටි.මිට මාසයකට පෙර හිටපු ආණ්ඩුකාරවරයෙක් වන අසාද් සාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර අද උදැසන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ දවසේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සහරාන්ගේ බිරිදගේ පියාද ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සදහන් කරන ලදී.

සියල්ල මෙසේ තිබියදී අපි ඔබට කියන්නට යන්නේ වෙනස් කතාවකි. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හා ඉස්ලාම් අන්තවාදී මත සමාජගත කිරීම සම්බන්දයෙන් කිසිවෙකු අත්අඩංගුවට පත්වූ සැනින් කුලප්පු වී දගලන යහපාලන හොරිකඩයෙකු සිටී. මේ විපරම එකී හොරිකඩයා සම්බන්දයෙනි. පසුගිය යහපාලයේ අවසාන කාලයේ මෛත්‍රිපාල ජනාධිපතිවරයා හදිසියේම ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකු පත්කළ අතර ඉන් බොහොමයක් දෙනා මිට කලින් දේශපාලනය තුල නමක් හදාගත් අය වීම අපිට දකින්නට තිබුණි. නමුත් ඒ පත්වීම් ලද එක පුද්ගලයෙක් මෙරට සමාජය තුල අපකීර්තිමත් හැසිරීමක් තිබු සහ මේ මොහොතේත් එකී අපකීර්තිය පවත්වාගෙන යනු ලබන කැෆේ කිර්තිය. සිංහල බෞද්ධ පදනමට තම මුහුනුපොත හරහා මෙන්ම තමන්ට ලැබෙන සෑම මාධ්‍ය අවකාශයක් තුලම පහර එල්ල කරන මේ කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා එදා මෛත්‍රිපාල ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාර ධුරයට පත්කිරීම ආණ්ඩුකාර තනතුරට සිදු කල මහත් අපහාසයකි. ශිරාල් ලක්තික්ලක නමැති රාජ්‍ය නොවන සංවිධාන ඒජන්තයා විසින් සකසන ලද රටට එරෙහි බලවේගවල න්‍යාය පත්‍ර කර පින්නාගත් අපකිර්ති තෙන්නකෝන් කැෆේ නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ගොඩනගා ගනිමින් මැතිවරණ නිරීක්ෂණ කටයුතු කරන බවට පෙන්වමින් දේශපාලනය කළේය. මේ හේතුවෙන් සැබෑ ලෙස මැතිවරණ නිරීක්ෂණය කරනු ලබන අනෙකුත් සංවිධාන විසින් තෙන්නකෝන්ව තමන්ගේ සාකච්ඡා සදහා වද්දා ගත්තේ නැත.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව බදුල්ල බණ්ඩාරවෙල මිනිස්සු පාරට ගෙනවිත් ජවිපෙ කල සටනට ඔලුව ඔබාගෙන සිටි මේ තෙන්නකෝන් ඒ ප්‍රදේශයේ කාන්තාවන්ගෙන් සල්ලි ගසා කෑ බවට මුහුණු පොත හරහා කාන්තාවන් චෝදනා කොට තිබෙනු දක්නට ලැබුණි. පෙර සංසාරයේ කොහේ හෝ තිබු පරණ පිනක් හිසේ කඩා වැටුණු ආණ්ඩුකාර කම ඉතා කෙටි කලකින් මේ කුප්‍රකට එන්.ජි.ඕ කාරයාට අහිමි වීමත් සමග මොහු මානසික ආතති කාරයෙකු බවට පත්ව සිටින ආකාරයක් නිරීක්ෂණය වේ.

තෙන්නකෝන්ගේ නම්බු පිස්සුව

තෙන්නකෝන් බණ්ඩාරවෙල ඉගනගෙන සුළු රැකියාවකට කොළඹ ඇවිත් මාධ්‍යට මුණදමාගෙන පොරක් වීමට හීනමානයක් තිබු අයෙකු බව ඔහු ලගින් ඇසුරු කරන හැමෝම දනී. කැලණිය සරසවියේ සුළු රැකියාවක් කරපු කිර්ති හිටි අඩියේ අවිස්සාවේල්ලේ හෝටල් දැමුවේ රාජගිරියෙන් කෝටි ගණන් වටිනා ගෙවල් ගත්තෙත් කෙසේදැයි අපි කිර්තිගෙන් අසන්නේ නැත. කිර්තිගේ ළමයි අගනුවර සුපිරි පාසල්වලට ඇතුලත් වුනේ කෙසේදැයි අපි කිර්තිගෙන් අසන්නේ නැත. කිර්තිගේ බිරිද හිටි හැටියේ මිය ගියේ කෙසේදැයි අපි අසන්නේ නැත. ඒවා කිර්තිගේ පුද්ගලික ජිවිතේ ප්‍රශ්නය. නමුත් කිර්ති අනෙක් පුදගලයන්ගේ ජිවිත ඕනාවට වඩා හාර අවුස්සන්නේ කැෆේ නාමය ඉස්සරහට දමාගෙනය.

කිර්ති මුලින්ම ඌවේ ආණ්ඩුකාරයා ලෙස සිරිසේන ජනාධිපතිවරයා පත් කෙරුවද එවකට ඌවේ මහා ඇමති කිර්තිට වැඩ බාරගන්න එන්න දුන්නේ නැත. ඊට පසු සිරිසේන ජනාධිපතිවරයා හමුවී නහයෙන් අඩා දකුණේ ආණ්ඩුකාරකම ලබා ගත්තේය. දකුණේ ආණ්ඩුකාරකම ගත් පසු කිර්තිට නම්බු පිස්සුව හැදුනේය. කිර්ති හැසුරුනේ හරියට ඒරොප්පේ මහ රජ්ජුරුවන්ගේ මුනුබුරා ලෙසය. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට කිර්ති ආණ්ඩුකාර ධූරය යොදාගෙන දේශපාලන ඩීල් දැම්මේය.

කිර්තිගේ නම්බු පිස්සුව මානසික ලෙඩක් ලෙස ප්‍රසිද්දියට එන්නේ දයාසිරි අල්ලාගෙන සිරිසේන ජනාධිපතිවරයාට කේලාම් කියා මාධ්‍යම ආන්ඩුකාරකමින් මෛත්‍රී ගුණරත්න එලවා මධ්‍යම පළාතේ ආන්ඩුකාරකම ගැනීමෙන් පසුවය. කිර්ති වැඩ බාරගැනීම සඳහා ගිය දවසෙම තම උඩරට නිලමේ කෙනෙකු බව කිවේය. දළදාවේ උරුමයක් ගැන කතා කළේය. එතන හිටපු නිලධාරින් තමන්ට පිස්සෙකු සමග ඉදිරියේදී රාජකාරි කිරීමට සිදුවන බව සිතුවේය.

ඊට පසුව ඔහු තම ආණ්ඩුකාර නිල නිවසට අනුන්ගේ ගැහැණියක ගෙනවිත් තබා ගත්තේය. මේ කාන්තාව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරියක් බව ප්‍රසිද්ධ රහසකි. ඇයගේ සැමියා මේ සම්බන්දයට දිගින් දිගටම විරෝධය පල කල අතර කිර්තිගේ ආණ්ඩුකාරකම හිටි අඩියේ අහිමි වී ගියේය. ආණ්ඩුකාරකමේ තේජසට කිර්තිට ලංවී සිටි පොහොට්ටු මන්ත්‍රීවරිය නැවත තම පැරණි සැමියා වෙත ගියේය. කිර්ති අනාත විය. ඊට පසුව කීර්ති නකුටු ගැසුණු බල්ලෙකු ලණු පොටකින් බදාගෙන දින කිහිපයක් නුවර වැව වටේ ඇවිදිමින් සිටිය ද නැවත කිර්තිට කිසිම තනතුරක් ලැබුනේ නැත.

ඊට පසුව හිටපු ආණ්ඩුකාර කිර්ති දේශපාල කාර්යාල ගානේ රස්තියාදු විය. බැසිල් රාජපක්ෂ මහතාට උපදෙස් දෙන්නට ගොස් ලුණු ඇඹුල් ඇතුව අසාගෙන පැත්තකට විය. සජිත් ප්‍රේමදාසගේ ඇතුල් කෝට්ටේ කාර්යාලයට ගොස් ජලනිගෙන් කුණු බැනුම් අසාගෙන ඒ ගමනද නතර විය. අවසානයේ චමිපික රණවකගේ හතලිස් තුන්වන සේනාංකයට ගියේය. එතනද කිර්තිට පිළිගැනීමක් ලැබුනේ නැත. එකී සංවිධානයේ අය කිර්ති ගැන ඇසුවිට කියන්නේ මිනිහා ලෙඩක් කියාය. කීර්ති කිසිවෙක්ට ඇහුම්කන් දෙන්නෙක් නොවන අතර තමන් තරම් කිසිවෙක් දන්නේ නැතැයි සිතන්නෙකි. මිනිහා මානසික රෝගියෙක් බව දන්නේ ඔහු ලගින් ඇසුරු කරන අය පමණි.

කෙසේ නමුත් දැන් කිර්ති බලහත්කාරයෙන් අනුන්ගේ දේශපාලන වැඩවලට ගොස් පැය ගණන් වාඩිවී කතාවක් ඉල්ලගන්න තත්වයට පත්ව තිබේ.

මේ ලිපියේ සදහන් තොරතුරු සම්බන්දයෙන් විශේෂයෙන් කාන්තාවන් අමාරුවේ දැමීම සම්බන්දයෙන් කිර්තිට යමක් කීමට ඇත්නම් අපි එයට අවස්තාව දීමට සුදානම් බව කිව යුතුය. ඉන් පසුව නම් ගම් සහිතව සියල්ල එලි කිරීමට අපි සුදානම් බවද මෙහිලා සටහන් කර තැබීමට කැමැත්තෙමු.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

Related posts

‘අස්ගිරි පාර්ශවයේ නිවේදනය ගැන දැන්ම මොකුත් කියන්න බෑ.. පස්සෙ කියනවා“ – රාජිත

colombotoday

තැන තැන සිදුවන මිනිස් ඝාතන

Admin

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

colombotoday

ඇමති මංගලට විරෝධය පා මාතර මහනගර සභාවේ ‌පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

“සම්බන්ධන්ගේ අදහස් සැමවිටම මා සතුටට පත් කරනවා“ – ඇමරිකානු තානාපති

colombotoday