Colombo Today Local News

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

ජීව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් දියතලාව – කහගොල්ලේදී  බස් රථය ගිනිගෙන ඇතැයි බලධාරීන් ප්‍රකාශ කළද ඩීසල් බස් රථයක් තුළ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් එවැනි ගින්නක් හට ගැනීමට අවස්ථාවක් තිබේද කියා සැකයක් ඇතිවන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

යුද භූමියේ සිටි හමුදා නායකයෙකු වශයෙන් ලත් අත්දැකීම් අනුව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්නවා යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි සිද්ධියක් බවද ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

අත්බෝම්බ ගැන තමාටද  අත්දැකීම් තිබෙන බවත්, ක්‍රියාත්මක නොකළහොත් මිසක අත්බෝම්බ පුපුරා නොයන බවත් පැවසූ මේජර් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේ අත්බෝම්බයකට ඩීසල් බස්රථයක් තුළ කහගොල්ලේ ඇති වූ ආකාරයේ ගින්නක් ඇතිකිරීමට හැකියාව තිබේදැයි යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් ගෙන්වා විමසිය යුතු බවයි.

Related posts

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

2024 අයවැය යෝජනා

Admin

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

“සිංහල ඔල්මාදකාරයින්ට“ එරෙහිව බැංකු හොරෙක් එක්ක එකතුවී හරි සටන් කරනවා – බාහු

colombotoday

එජාප සභාපතිකම කබීර් හෂීම්ට.. මහලේකම් අකිල.. සජිත් නියෝජ්‍ය නායකකමින් ඉවතට?

colombotoday