Colombo Today Local News

‘ජන බලය‘ මාර්ග 5කින් කොළඹට ඇතුල් වේ… පොලිසිය සීරුවෙන්.. කැරළි මර්ධනයත් සූදානමින්…

විරෝධතාවට සහභාගී වන පිරිස මේ වනවිට කොළඹ, මහනුවර, මීගමු පාර, බොරැල්ල, මරදාන, ටවුන්හෝල් ඔස්සේ මාර්ග පහක් හරහා කොළඹ නගරයට සමීප වෙමින් සිටිති.

දැනටමත් බස් රථවලින් පැමිණෙන පිරිස බස් රථ නවතා ඉන් බැස ගිමන් හරිමින් සිටින අතර සවස 3.00 පමණ වනවිට විරෝධතා පෙළපාළි ආරම්භ කළ හැකි බව සංවිධායකයෝ පවසති.

ආණ්ඩුවේ සිට විපක්ෂයට ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 15 දෙනා ද මෙම විරෝධතාවයට එක්වීම සඳහා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාව රැගෙන කොළඹට ළඟා වෙමින් සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ දී විරෝධතා පෙළපාලියට එක්වීමට නියමිතය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද එළඹෙන ඕනෑම තත්ත්වයකට මුහුණදීමට සීරුවෙන් තබා ඇති අතර කඳුළු ගෑස් හා කැරලි මර්දන පොලිසිය ද ස්ථානගත කර ඇතැයි ආරක්ෂක අංශ කියා සිටී.

Related posts

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

පෝලන්ත ජාතිකයින් 04ක් කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් අයි.ඩී.එච්. රෝහලට !

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

colombotoday

නුවර – කොළඹ අධිවේගය ජූනියේ වැඩ අල්ලයි

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්…

colombotoday