Colombo Today Local News

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ ග්‍රාම නිලධාරී ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය මාර්තු මස 13,14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සම්මුඛ පරීක්ෂණය නාරාහේන්පිට පිහිටි නිල මැදුර පරිශ්‍රයේ ස්වදේශ කටයුතු අංශයේදී සිදුකෙරෙන බවය.

එසේම ඊට අදාළ සුදුසුකම් ලබා තිබුණද මේ දක්වා කැඳවීම් ලිපි ලැබී නොමැති අයදුම්කරුවන්ට www.moha.gov.lk වෙබ් අඩවියේ පළකර ඇති ලේඛනයෙන් එම තොරතුරු ලබාගත හැක.

එසේම එම සම්මුඛ පරීක්ෂණය සඳහා රැගෙන ආ යුතු ලේඛන පිළිබඳව එම වෙබ් අඩවිය මගින් තොරතුරු ලබාගතහැකි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ

Related posts

අවුරුදු 18 – 19 අතර පාසල් සිසුන්ට 21 වැනිදා සිට ෆයිසර් එන්නත

colombotoday

අගමැති වෙන්නේ මමයි – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා ගැන ජනපති නියෝගයෙන් පූර්ණ විමර්ශනයක්

colombotoday

හරිතාගාරවල වැව්වොත් ලක්ෂ 5ක ආධාරයක් රජයෙන්

Admin