Colombo Today Local NewsGossip

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

ලොව ප්‍රථම ගූගල් බැලුන ව්‍යාපෘතිය තව ටික දිනකින් මෙරටදී ආරම්භ කරන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුදම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (01) නාරාහේන්පිට ශ්‍රී ලංකා තොරතුරු සංනිවේදන නියෝජිත ආයතනයේ (ICTA) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවාරයා පැවසූවේ එම නිසා මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට යොමු වන බවයි.

අමාත්‍ය හරීන් ප්‍ර‍නාන්දු මහතා ඇතුළු පිරිස අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කළ සංචාරයකදී කළ සාකච්ඡා හේතුවෙන් තොරතුරු සංනිවේදනයේ දැවැන්තයන් මෙරට ආයෝජනයට කැමැත්ත පළ කළ බවද මෙහිදී පැවසුවා. ගූගල් බැලුන් ව්‍යාපෘතියෙන් ආරක්ෂාවට තර්ජනයක් නොවන බවද ඒ පිළිබඳව ආරක්ෂක අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති බවද පෙන්වා දුන් ඇමැතිවරයා ලෝකයේ ප්‍රධාන කෝටිපතියන් වන ගූගල් ආයතනයේ සම නිර්මාතෘ සර්ජි බ්‍රින් වැනි අය මෙරට ආයෝජනයට කැමැත්ත පළ කිරීමම රට ලැබූ විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නා.

මෙම සංචාරයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාද සහභාගී විය.

Related posts

මහ ඡන්දෙට මුද්‍රණ කටයුතු ඇරඹේ

Admin

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

දෙහිවල කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ නිවසින් කඩු තොගයක් සොයා ගනී….

colombotoday

කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ප්‍රහාරයක්.

colombotoday

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

colombotoday

යාල කැලේ ගල් ලෙණකින් වියළි ගංජා ගෝනි 25ක් වනජීවි නිලධාරීන් සොයා ගනී

colombotoday