Colombo Today Local News

එක රටක් එක නීතියක් හදන්න ජනතාව පෙළ ගැසෙයි..

“එක රටක් එක නීතියක්” සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායට අදහස් ලබාදීම සඳහා සිවිල් සංවිධාන ඇතුළු විශාල පිරිසක් එක්වෙමින් සිටින බව එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබේ.

මහජන අදහස් විමසීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති නිල කාර්යාලය වෙත අදහස් ප්‍රකාශ කිරීමට ඊයේ දිනය දක්වා කාලය ලබාදී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් යුතුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන බවය.

“එක රටක් එක නීතියක්” ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත තම අදහස් සහ යෝජනා ලබාදීම සඳහා පසුගිය සඳුදා (20) සිට සිවිල් සංවිධාන
නියෝජිතයන්ට අවස්ථාව ලබාදී ඇත.

එම දින කිහිපය තුළ විවිධ පළාත් සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් ආගමික නායකයින්, සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු කාන්තා සංවිධාන නියෝජනය කරන පිරිස් නිල කාර්යාලය වෙත පැමිණ තිබේ.

දෙසැම්බර් 22 දින වාලච්චේන මවුලවි අබුසාලී අයිනුඩීන්, සමස්ත ලංකා සුෆි ආධ්‍යත්මික සම්මේලනය, කල්මුණේ මුස්ලිම් සංවිධානය නියෝජනය කරමින් නසීර් හජ්ජියාර්, කඩුගන්නාව ප්‍රදේශයේ ශිෆාන් මහතා අත්තනගල්ල කහටෝවිට ප්‍රදේශයේ හර්ශාන් මහතා යන අයගේ යෝජනා එම බළකාය විසින් ලබාගෙන තිබේ.

දෙසැම්බර් 21 දින මාධ්‍යවේදී මතුගම සෙනවිරුවන් මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජ්‍ය ලේකම් භාරත් ශාන් අරුල්සාමි මහතා, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය වෙනුවෙන් පූජ්‍ය අගුලුගල්ලේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජයග්‍රහණය සංවිධානය සහ තවත් වියතුන් පිරිසක් “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීම සඳහා තම අදහස් හා යෝජනා ලබාදෙන ලදි.

2021දෙසැම්බර් 20 දින පොතුවිල් පානම සිංහල සංවිධානය, ශ්‍රී ලංකා දේශප්‍රේමී පෙරමුණ, සිංහල හඬ, චින්තන පර්ෂදය, ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාව නියෝජනය කරමින් පුජ්‍ය කිවුලේගෙදර නාරද අනුනායක ස්වාමීන් වහන්සේ, මුස්ලිම් කාන්තා සංසදය ඇතුළු පාර්ශව රැසක් කාර්ය සාධක බළකාය වෙත තම අදහස් හා යෝජනා ලබා දෙන ලදී.

Related posts

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

Admin

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

අනුරාධපුර පුජා නගරයේ දි ගංජා අලෙවි කරමින් සිටි හිච්චා අත්අඩංගුවට.

colombotoday

පෞද්ගලික අංශයටත් කොවිඩ් එන්නත් ආනයනයට අවසර දෙන්න – PHI සංගමය

colombotoday

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

මින්පසු ත්‍රිපිටකය හිතූ හැටියට සංස්කරණ බෑ.. විද්වත් මණ්ඩල අනුමැතියෙන් පමණයි…

colombotoday