Colombo Today Local News

යතුරු පැදි 40 ක් සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු අත් අඩංගුවට.

මොෆෙඩ් වර්ගයේ යතුරු පැදි 40 කට ආසන්න සංඛ්‍යාවක් සොරා ගත් හැත්තෑ නව හැවරිදි සැකකරුවකු සොරා ගත් යතුරු පැදි 06 ක් සමඟ එප්පාවල පොලිස් අත් අඩංගුවට ඇත.

අත්අඩංගුවට පත් සැකකරු මින්නේරිය, දුම්රියපළ හංදිය ප්‍රදේශයේ පදිංචි හැත්තෑ නව හැවරිදි තිදරු පියෙකු බව එප්පාවල පොලීසිය පවසයි.සැකකරු දිවයිනේ නම ගිය අපරාධකරුවකු බවත්, මීට පෙර යතුරු පැදි 17 ක් සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුට විභාග වන නඩු පවතින බවද පොලීසිය අනාවරණය කර ගෙන ඇත.මේ අතර අවුරුදු 16 ක් සිර දඩුවම් නියමවී සිරදඩුවම් විදිමින් සිටියදී සැකකරු පැණ විත් සැඟවී සිටිමින් මෙලෙස යතුරු පැදි සොරකම් කරමින් අලෙවි කර ඇති බව පොලීසිය පැවැසීය.

පසුගිය 25 වැනි දින එප්පාවල නගරයේ මොෆෙඩ් වර්ගයේ යතුරු පැදියක් සොරකම් කළ බවට එප්පාවල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව එප්පාවල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයම්පති, පොලිස් සැරයන් 36940 ඉරුගල්, පොලිස් කොස්තාපල්වරුන් වන 67338 ජයසිංහ, 75833 දිනේෂ් යන නිළධාරීන් එප්පාවල නගරයේ වෙලඳසැල් කීපයක CCTV දර්ශණ පරීක්ෂා කර ඇත.ඒ අවස්ථාවේදී සැකකරු යතුරු පැදියක් සොරා ගෙන රැගෙන යන අයුරු දැක ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂා කර සැකකරු හදුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඒ අනුව සැකකරු පදිංචි මින්නේරිය , දුම්රියපළ හංදිය පිහිටි නිවසට පොලීසිය යන අවස්ථාවේ සැකකරු යතුරු පැදියෙහි අංක තහඩු ගලවා අලෙවිකිරීමට සූදානමින් සිට ඇත.ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී යතුරු පැදි රැසක් සොරකම් කිරීමෙන් අනතුරුව අලෙවි කර ඇති බවට පවසා ඇත, එසේ අලෙවිකළ යතුරු පැදි 05 ක් ද පොලීසිය සොයා ගෙන ඇත.

සැකකරු සොරා ගන්නා යතුරු පැදි රුපියල් 30 000 ත්, ලක්ෂයත් අතර මුදලකට මැදිරිගිරිය , හිඟුරක්ගොඩ, සෝමාවතිය යන අවට ප්‍රදේශවලට අලෙවිකරන බවද සැකකරු පවසා ඇත.තවත් යතුරු පැදි රැසක් මෙලෙස සොරා ගෙන අලෙවිකර ඇති බවද සැකකරු පාපොච්චාරණය කර ඇති අතර, ඒවාද සොයා ගැනීමටපොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (30) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

බැදුම්කර සම්පූර්ණ වාර්තාව භාෂා තුනෙන්ම නිකුත් කරන්නැයි ජනපති නියෝග කරයි…

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න සියලුම මහ නාහිමිවරු ජනපතිට දන්වති

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday