Colombo Today Local News

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

‘සුදුවා’ නමැති සැකකරුවෙක් රුපියල් කෝටි 03කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සහ මත්පෙති නිෂ්පාදනයට ගන්නා යන්ත්‍රයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු සමග හොරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 500ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 07ක්, මත්පෙති නිෂ්පාදනයට ගන්නා විවිධ අමුද්‍රව්‍ය ග්‍රෑම් 950ක්, එම මත්පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් සහ මුදල් ගණින යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැක කටයුතු පුද්ගලයෙකු මෝදර බෝගහ හන්දිය අසල රැඳීසිටින බවට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.

හපුතලේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුව මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙහෙයවන බවට මේ වනවිට අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

colombotoday

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

ජපානයෙන් ධීවරයන්ට ලොකු තෑග්ගක් – ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය

Admin

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6

colombotoday