Colombo Today Local News

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුට තේරී පත් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසිය.

ඩයනා ගමගේ මහත්මිය ද්විත්වපුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට අමතරව බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ද ඇය විසින් භාවිතා කරන බවයි සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සුදානම් බවත් එම ප්‍රකාශකයා පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී මැතිවරණ කොමිසන් සභාවේ උසස් නිළධාරියෙකු සඳහන් කලේ එවැනි ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කිරීමට නම් අධිකරණයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද යන්න පිළිබඳව අර්ථකථනයක් දිය යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව පැවති කාලයේදී ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් අයෙකු අධිකරණය හමුවට යාමෙන් එම ගැටළුව විසදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළහ.

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදු නොවූ බවයි.

එහෙත් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ තමාට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බවත් ඒ ගැන සනාථ කරන ලෙසට ඕනෑම අයෙකු අභියෝග කරන බවයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

නිවසේ ළිඳට වැටී දැරියක් මරුට

Admin

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධූරය ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩට

colombotoday

ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා – ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Admin

2022 උසස් පෙළට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයැදුම්පත් කැඳවීම අදින් අවසන්

Admin

ත්‍රි’මලේ වරාය ඉන්දියාවට දීම ගැන තීරණය ළඟදීම

colombotoday