Colombo Today Local News

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

dayarathana himi 65

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ තවත් භික්ෂූන් වහන්සේලා ඇතුළු 06 දෙනෙකු මාර්තු 31 දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළා.


 

 

බන්ධනාගාරගතකළ හිමිවරුන් උසාවියට… හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරයි.

Feb 16, 2016 @ 11.45

පොලීසියට භාර වීමෙන් පසු උසාවියට ඉදිරිපත් කිරීමෙන් අතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙන අද නැවත වරක් හෝමාගම උසාවිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී උන්වහන්සේලා හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර රක්ෂිත බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද අද පස්වරුවේ හෝමාගම උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

ණය බර දරාගත නොහැකි රටවල් අතර ශ්‍රී ලංකාවත්

colombotoday

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

colombotoday

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

2023 අයවැය ඡන්ද විමසීම දෙසැම්බර් මස 08

Admin

තව්හිද් ජමාත් ලොක්කා ISIS ත්‍රස්තවාදීන් එක්ක සම්බන්ධයි, ගෙන්වන්න හදන්නේ අගමැතිගේ ගෝලයා හලීම් – කද්රියා මුස්ලිම් ඒකකය (Voice)

colombotoday

කොටි ගුවන්පථය ඉල්ලා උද්ඝෝෂණ.. ආරක්ෂක අංශවලටත් තර්ජණය කරයි !! (Video)

colombotoday