Colombo Today Local News

වසර 1800 කට පෙර සිටි මළතිස රජුගේ රන්කරඩුව සොයාගනී. | බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් ඇති බවට සාධක හමුවේ.

ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් එක් කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා එම රන් සන්නස කියවා, එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන්

‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’

යනුවෙන් සදහන් වන බවද, එය සිංහල බසට නැගූ විට ‘යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව’ යනුවෙන් සදහන් වන බවද පැවසීය.

මෙම සන්නසට සමානව 1987 ජනවාරි 23 වන දින දීඝවාපි දාගැබේ බටහිර වහල්කඩින් සොයා ගත් මංජුසාවේද රන් සන්නසක් තිබු බව ඒ මහතා පැවසීය.

මේ සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙනුයේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. එතුමා ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා පාලනය කල බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා මෙය ප්‍රදානය කර ඇති බවත්, මළිතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්, ඒ මහතා පැවසීය.කණිට්ඨතිස්ස ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ කළ බව මහා වංශයේ සදහන්වේ.අදින් වසර 1800 පමන ඉතිහාසයක් මෙහි ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි.

එමෙන්ම මෙම රන්කරඬු තුල ඇති සංඛේත ලක්ෂණ අනුව සර්වඥ ධාතුන් වහන්සේලා මෙම මංජුසාව තුළ තැන්පත් කර ඇති බවට සාධක තිබෙන බව නාමල් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ අනුව නෙළුම් මලක් සිරිපා සළකුණක් මෙම ධාතුන් තැන්පත් කිරීමට යොදා ගත් රන්පත්වල නිර්මාණය කර තිබේ.

මෙම සොයාගැනීම් පිළිබදව අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

රන් සන්නස

Related posts

ජාතික උරුමයන් ආරක්‍ෂා කරන බවට ආරක්‍ෂක ලේකම් සහතික වෙයි

colombotoday

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

colombotoday

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday

ශුද්ධ වූ වස්තුන් සියල්ල කෙලෙසා දැමිය යුතුමය – කිර්ති දුනුවිල

colombotoday

නෝම්බි අල්ලන්න බැරිවෙතැයි කට්ටි පනින මුස්ලිම්වරුන්ට නිරෝධායනයට එක්වනැයි දැනුම් දෙයි

colombotoday