Colombo Today Local News

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

අද (07) උදෑසන තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය විඩියෝ කර සමාජ මාධ්‍යට එක් කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දරුවන්ගේම පියා බවයි වාර්තා වන්නේ.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිඳගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන පුදගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 05 වනදා රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබුණි.

අවුරුදු 09 සහ 05 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනාට පහරදී ඇති සැකකරුගේ බිරිඳ ගෘහසේවය සඳහා විදේශගතවී සිටින බවද වාර්තා වෙයි.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇත.

සැකකාර පියා විසින් මෙලෙස පහරදී ඇති දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිබඳින නිසා බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

colombotoday

පහේ හපනුන් ජනප්‍රිය පාසල්වලට තෝරාගන්නා කඩයිම් ලකුණු මෙන්න

colombotoday

වසර පහකට අත්හිටවූ සිරදඬුවමට එරෙහිව ඇමති ප්‍රසන්නගෙන් අභියාචනයක්

colombotoday

නොරච්චෝලෙට ගල්අඟුරු ගන්න නැවකට අත්තිකාරම් ගෙවයි

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර 06ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

(Video) පොලීසිය අල්ලයි මගෙ පස්ස !

colombotoday