Colombo Today Local News

බැදුම්කර වාර්තාවේ පිටු 103ක් අතුරුදන් !!

බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂම් සභා වාර්තාවේ පිටු 103ක් අඩු වී ඇතැයි ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා ඊයේ (18දා) පැවසීය.

පසුගිය ජනවාරි 03 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් එම වාර්තාවේ පිටු 1257ක් තිබෙන බව සඳහන් කළ බවත්, මේ වනවිට අන්තර්ජාලයට මුදා හැර ඇති බැඳුම්කර වාර්තාවේ ඇත්තේ පිටු 1154ක් පමණක් බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

මේ අතර කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වෙළුම් තුනකින් සමන්විත බැදුම්කර විර්ශන වාර්තාවට අදාල වෙළුම් දෙකකින් යුතු යුතු ‘සලකුණු කළ ලේඛන‘ හා ‘සාක්ෂි සටහන්‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු කර නැති බවයි.

Related posts

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

මධුමාධව පිවිතුරු හෙළ උරුමය හැර යයි !

colombotoday