Colombo Today Local News

අසේල සම්පත් කියන ගංජා කාරයා අපේ සංවිධානයේ නෙවෙයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා…


2019-03-09
ප්‍රවෘර්ති කර්තෘවරුන් ප්‍රවෘර්ති,
සියලුම මාධ්‍යවේදී “මහත්ම,මහත්මියන් වෙත”
මාධ්‍ය නිවේදනයයි.

අප සංවිධානයේ නිර්මාතෘවරයා බව සදහන් කරමින් ආපනශාලා වලින් හා වෙළදසැල් වලින් මුදල් හා වෙනත් දෑ ඉල්ලා සිටීම සම්බන්ධව.

අප සංවිධානයේ නිර්මාතෘවරයා බව සදහන් කරමින් අසේල සම්පත් නැමැති පුද්ගලයෙක් විසින් විවිධ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව අප සංවිධානයේ අවධානය යොමුව ඇත.

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය නීත්‍යානුකූලව ලියාපදිංචි සංවිධානයක් වන අතර අසේල සම්පත් නැමැති අයෙකු අප සංවිධානයේ නිර්මාතෘවරයකු හෝ සමාජිකයෙක් නොවන බව මහජනතාව වෙත මෙයින් දන්වනු ලැබේ.
අප සංවිධානය හෝ කිසිම සමාජිකයෙකු කිසිම ආයතනයකින් හෝ ආපන ශාලාවකින් මුදල් බත් පාර්සල් හෝ වෙනත් කිසිවක් ඉල්ලා නැති අතර අප සංවිධානයේ නාමය භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙක් කිසියම් දෙයක් ඉල්ලා සිටින්නේ නම් වහාම ලගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු. අප සංවිධානයේ ව්‍යස්ථාවට අනුව කඩ හිමියෙකු හෝ එම සංවිධාන නියෝජනය කරන කිසිම පුද්ගලයෙකුට අප සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නොහැක.
අසේල සම්පත් නැමැති අය ආපනශාලා හිමියන්ගේ සංගමයේ නියෝජිතයෙකු ලෙස අපගේ සමහර මාධ්‍ය හමුවලට පැමිණ සිටි පුද්ගලයෙක් පමණක් වන අතර එම හදුනා ගැනීම මත ඔහුට විවිධ උපකාර අප සංවීධානය විසින් කරන ලදී. ආපනශාලා හිමියන්ගේ සංගමය කිසිම ආයතනයක ලියාපදිංචි සංවිධානයක් නොවන බව තහවුරු වූ නිසා අප එම සංවිධානයට ඊට පසුව කිසිම මාධ්‍ය හමුවක් සදහා අප ඇරයුම් කර නැත.

කෙසේ වෙතත් අසේල සම්පත් යන පිළිබදව පහත කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප සංවිධානයට හැකිවිය.
ගාල්ල පොරවගම මුල් ගම වන ඔහු මුලින්ම නාවික හමුදාවේ සෙබලෙකු ලෙස සේවය කොට ඇත. පසුව නාවික හමුදා සෙබලුන්ගේ ලොකර් කඩා අසුවූ නිසා ඔහුව නාවික හමුදාවෙන් ඉවත් කොට ඇත. ඉන් පසු නීති විරෝධිව මත්පැන් අලෙවි කර ඇති ඔහු අවස්ථා කිහිපයකදීම පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. පසුව දකුණ පළාත නියෝජනය කරනු ලබන අමාත්‍යවරයෙකු විසින් අරක්කු විකිණීම නවතා දමන පොරොන්දුව මත කොළඔ NIBM ආයතනයේ ආපනශාලාව පවත්වාගෙන යාම සදහා අවස්ථාව ලබා දී ඇත. එහෙත් දුර්වලව එම ආපනශාලාව පවත්වා ගෙන යාම නිසා ඔහුව ඉන් ඉවත් කොට ඇත. පසුව ඔහු ටෙලිනාට්‍ය වල තේ හා කෑම සෑදීම සිය වෘර්තිය ලෙස තෝරාගෙන ඇත. ඔහුගේ විකෘති ආශාවන් පිළිබදව ටෙලි නිළියන් විසින් කර ඇති පැමිණිලි මත ඔහුව ඉන් ඉවත් කර ඇත. කලක් ඔහු බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය හමු සදහා තේ සෑදීම හා එම සංවිධානයේ හිමිනමකගේ ආවතේව කිරීම සදහා බදවා ගෙන ඇත. විනය හේතු මත ඔහුව එයින් ඉවත් කොට ඇත. එක් අමාත්‍යවරයෙක් අසේල සම්පත්ගේ බිරිදගේ නම රජයේ වැටුප් හා දීමනා ලේඛණයකට ඇතුලත් කොට මසකට රුපියල් 25000 ක් ගෙවා ඇත. එහිදී ඔහුගේ කාර්යය වී ඇත්තේ ගොවි හා පාරිභෝගික සංවිධානයක කටයුතු කිරීමයි. නමුත් පසුව ඔහුව ඉන් ඉවත් කොට ඇත. සමූපකාර සමිතියකින් ලබා ගත් ණය මුදලක් නොගෙවීම නිසා පිටිගල පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මීට මාස කිහිපයකට පෙර කොට්ටාව ප්‍රදේශයේ කාන්තාවකට මුදල් ගෙවීම පැහැර හැරීමක් පිළිබදව පිළියන්දල පොලීසියට එම කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව පොලීසිය මගහරිමින් සිටි ඇති අතර තමාට හා තම දරුවනට ජීවත්වීමට නොහැකි බව පවසමින් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට රැදී සිටීම නිසා අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර මත් ද්‍රව්‍යලග තබා ගැනීමද ඔහුට එරෙහිව ඉදිරිපත් කර ඇත. එක් චෝදනාවකි. පාරිභෝගික අධිකාරියේ නිළධාරියෙකුට තර්ජනය කිරීම පිළිබදව නඩුවක් මේ වන විට අධිකරණයේ විභාග වේ.

අසේල සම්පත් යන අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවී ඇති පුද්ගලයෙකු බවද අප සංවිධානයට අනාවරණය වී ඇත.
දෙමළ ජාතික සංවිධානයෙන් හා ජනතා විමුක්ති පෙරමුණෙන් මහ මැතිවරණ දෙකකට ද තරග කර ඉන් පරාද වී ඇත.
කෙසේ වෙතත් එවැනි චරිතයක් ඇති පුද්ගලයෙකු සමග අප සංවිධානය කටයුතු කිරීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් හා මාධ්‍යවේදින්ගෙන් අප සංවිධානය සමාව ඉල්ලා සිටින අතර මීට පසු කිසිම අවස්ථාවක අප සංවිධානය ඔහු සමග කටයුතු නොකරන බවද දැනුම්දෙමු.

ස්තුතියි මෙයට,

රංජිත් විතානගේ ‐ සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

colombotoday

රනිල් හා මහින්ද සිංගප්පූරුවේ

colombotoday

මෛත්‍රීට ගෑවුන එකෙකුටවත් ඡන්දෙ දෙන්න එපා… මෛත්‍රී වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කෑ එවුන් !

colombotoday

‘ගොල්ෆේස් ගිය අය ගැන තීරණයක් ගන්නවා‘ – සන්ධාන ලේකම්

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද පුපුරා යාමට ආසන්නයි.. ජපන් විශේෂඥයින් අනතුරු අඟවයි

colombotoday

මහනුවර ගිනියම් වෙද්දී අගමැති උලමා සභාව සමග විශේෂ සාකච්ඡාවක

colombotoday