Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සමලිංගිකයන්ට ප්‍රශ්න… යුරෝපා සංගමය අගමැතිට දන්වයි

ශ්‍රී ලංකාව තුල ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කම් සිදු වන බව යුරෝපා සංගමය අගමැතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

කාන්තාවන්ට හා දැරියන්ට එරෙහිව මෙන්ම සමලිංගික, ද්විලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවන්ට එරෙහිව දිගටම කෙරෙන වෙනස්කම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය අවධානය යොමු කර ඇති බව වරණීය බදු සහන (GSP+) ආපසු දීමෙන් පසු ශ්‍රී ලංකාව අත් කොටගෙන තිබෙන ප්‍රගතිය නිරීක්ෂණය පිණිස පැමිණි ඉහල මට්ටමේ නියෝජිත පිරිසක් කළ දස දින සංචාරයක් අවසානයේ දී නිවේදනය කළේය.

GSP+ බදු සහන ලබා දීම සඳහා වන යෝජනාවලියේ සමකාමීන්ට අපරාධයක් සේ සලකා දඬුවම් නොකරන ලෙසට යුරෝපා සංගමය කරන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ උපදෙස් අනුව ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මීට පෙර පවසා තිබුනි.

වැඩිහිටියන් දෙදෙනෙක් අතර ස්ව කැමැත්තෙන් ඇති වන ප්‍රේම සම්බන්ධතාවක් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් රාජ්‍ය විසින් එයට මැදිහත්වීම ගැටලු සහගත බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම කියා තිබුණේ සමකාමී අයිතියට ජනාධිපතිවරයා එරෙහි වීමට විරෝධය පල කරමිනි.

මානව හිමිකම් ක්ෂේත්‍රයේත්, කම්කරු හා පාරිසරික තලයේත් ප්‍රගතියක් අත් කරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට ප්‍රශංසා කර ඇති යුරෝපා සංගමය, එසේ වෙතත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගණනාවක්ම සිදුකර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ නියෝජිතයන්ගේ අවධානයට යොමු කල බව 13 බදාදා යුරෝපා සංගම් කොළඹ කාර්යාලය නිකුත් කළ නිවේදනයකින් පවසයි.

Related posts

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ශාන්තට දුන් අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනපති සමඟ සාකච්ඡා නෑ…

colombotoday

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday

TNL රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවයි..!

colombotoday

කෘතිම සංහිඳියාවක් ඇති කරන්න ගිහින් රටේ තිබුණ සැබෑ සංහිඳියාව නැති කරා !

colombotoday

කොළඹ මාර්ග දෙපස වාහන නැවැත්තුවොත් බද්දක් ගෙවන්න වෙයි.. අය කිරීම් දැන් ක්‍රියාත්මකයි

colombotoday